අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(6) 1. සචිත්ත වර්‍ගය
4. චෙතොසමථලාභී සූත්‍රය
’’මහණෙනි, ඉදින් මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂ නොවේද, නැවත, ’තමන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂ වෙමියි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
’’මහණෙනි, කෙසේ වනාහි මහණතෙම තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්‍ෂ වේද?
’’මහණෙනි, ඉදින් මහණතෙම අනුන්ගේ සිතේ ක්‍රමය දැනීමෙහි දක්‍ෂ නොවේද, ඉක්බිති, ’තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්‍ෂ වන්නෙමි’ යි, මෙසේ තොප විසින් හික්මිය යුතුය. මහණෙනි, මහණතෙම කෙසේ තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්‍ෂ වේද, මහණෙනි, යම් සේ බාලවූ, තරුණවූ අලඞ්කාරයට කැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කන්නාඩියක හෝ පිරිසිදු බබලන, පැහැදුන දිය බඳුනක හෝ, තමාගේ මුව මඬල බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, දකීද, ඒ දූවිල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම් කරයි. එහි දූවීල්ලක් හෝ, කිලුටක් හෝ, ඉදින් නොදකීද, එයින්ම සම්පූර්‍ණවූ කල්පනා ඇත්තේ, ’ඒකාන්තයෙන් මට ලාභයක. ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටුවූයේ වේ.
’’මහණෙනි, එසේම මහණහට තමා තුළ සිතේ එකඟකම ලබන්නෙක් වන්නෙම්ද, අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන්නෙක් නොවන්නෙම්ද, අධි ප්‍රඥාවෙන් ධර්‍මයන් විදර්‍ශනා කිරීම ලබන්නෙක් වෙම්ද, අධි ප්‍රඥාවෙන් ධර්‍මයන් විදර්‍ශනා කරන්ට ලබන්නෙක් නොවන්නෙම්දැයි, කුශල ධර්‍මයන්හි නුවණින් කල්පනා කිරීම බොහෝ උපකාරවේ.
’’මහණෙනි, ඉදින් මහණතෙම සිහි කරන්නේ, ’තමා තුළ සිතේ එකඟකම ලබා ඇත්තෙමි’ ශ්‍රෙෂ්ඨ නුවණින් ධර්මයන් බැලීම නැත්තේයයි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් තමා තුළ ඇති සිතේ එකඟකමෙහි පිහිටා ශ්‍රෙෂ්ඨ නුවණින් ධර්‍මයන් බැලීමට වීර්‍ය්‍ය කටයුතුය. හෙතෙම මෑත භාගයෙහි තමා තුළ සිතේ එකඟකමටද, ශ්‍රෙෂ්ඨ නුවණින් ධර්‍මයන් බැලීමටද වෑයම් කටයුතුයි.
’’මහණෙනි, ඉදින් මහණතෙම සිහි කරන්නේ, ශ්‍රෙෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බලන්නට ලබන්නෙක් වෙමි. තමා තුළ සිත් එකඟකම ලබන්නට නොහැකියයි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ශ්‍රෙෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමෙහි පිහිටා තමා තුළ සිත එකඟකිරීමෙහි වෑයම් කළ යුතුය. හෙතෙම මෑත භාගයෙහි ශ්‍රෙෂ්ඨ නුවණින් ධර්මයන් බැලීම ලබන්නේ, තමා තුළ සිත එකඟකිරීමටද ලබන්නේ වේ.
’’මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ, අධ්‍යාත්මයෙහි සිතේ එකඟකම නොලබන්නේ වේද, ශ්‍රෙෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමටද නොලබන්නේයයි මෙසේ දනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් ඒ කුශල ධර්මයන්ගේ ලැබීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුය.
’’මහණෙනි, ගිනිගත් වස්ත්‍ර ඇති, ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.
’’මහණෙනි, එසේ ඒ භික්‍ෂුව විසින් ඒ කුශල ධර්මයන්ගේ ලැබීම පිණිස අධික මාත්‍ර කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුය. හෙතෙම මෑත භාගයෙහි අධ්‍යාත්මයෙහි සිතේ එකඟකමද, ශ්‍රෙෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමද ලබන්නේද වේ.
’’මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහිකරණු ලබන්නේ, තමන් තුළ සිතේ එකඟකම ලබන්නේ වෙමි. ශ්‍රෙෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමද ලබමියි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ඒ කුශල ධර්මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස භාවනා කටයුතුය.
’’මහණෙනි, සිවුරද දෙයාකාරයකින් කියමි. පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරය (කියායි.) මහණෙනි, පිණ්ඩපාතයද දෙයාකාරයකින් කියමි. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්පාතය කියායි. මහණෙනි, සෙනසුනද දෙයාකාරයකින් කියමි. සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනය කියායි. මහණෙනි, ගම හා නියම්ගමද දෙයාකාරයකින් කියමි. සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුය (කියායි.) මහණෙනි, ජනපදයද දෙයාකාරයකින් කියමි. සේවනය කළ යුතු ජනපද පෙදෙසය, සේවනය නොකළ යුතු ජනපද පෙදෙසය කියායි.
’’මහණෙනි, මම සිවුර සේවනය කළයුතුවූද, සේවනය නොකළයුතුවූදැයි දෙපරිද්දෙකින් කියමි.
’’මහණෙනි, සිවුරු දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු සිවුරය, සේවනය නොකළයුතු සිවුරය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් සිවුරක් ගැණ මේ සිවුරු පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග නොකළ යුතුය. එහි යම් සිවුරක් ගැණ මේ සිවුර පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
’’මහණෙනි, පිණ්ඩපාත දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පිණ්ඩපාතය, සේවනය නොකළයුතු පිණ්ඩපාතය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාත පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතයක් පරිභෝග නොකළ යුතුය. එහි යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතයක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්ඩපාතයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
’’මහණෙනි, සෙනසුන් දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු සෙනසුන්ය, සේවනය නොකළයුතු සෙනසුන්ය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් සෙනසුනක් ගැණ මේ සෙනසුන් පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සෙනසුන් පරිභෝග නොකළ යුතුය. එහි යම් සෙනසුන් ගැණ මේ සෙනසුන් පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සෙනසුන් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු සෙනසුන්ය, පරිභෝග නොකළ යුතු සෙනසුන්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
’’මහණෙනි, ගම් නියම්ගම් දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ගම් නියම්ගම්ය, සේවනය නොකළයුතු ගම් නියම්ගම්ය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් ගම් නියම්ගම් ගැණ මේ ගම් නියම්ගම් පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ගම් නියම්ගම් පරිභෝග නොකළ යුතුය. එහි යම් ගම් නියම්ගම් ගැණ මේ ගම් නියම්ගම් පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ගම් නියම්ගම් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු ගම් නියම්ගම්ය, පරිභෝග නොකළ යුතු ගම් නියම්ගම්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
’’මහණෙනි, ජනපද ප්‍රදේශ දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ජනපද ප්‍රදේශය, සේවනය නොකළයුතු ජනපද ප්‍රදේශය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් ජනපද ප්‍රදේශක් ගැණ මේ ජනපද ප්‍රදේශ පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ජනපද ප්‍රදේශක් පරිභෝග නොකළ යුතුය. එහි යම් ජනපද ප්‍රදේශක් ගැණ මේ ජනපද ප්‍රදේශය පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ජනපද ප්‍රදේශයක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු ජනපද ප්‍රදේශය, පරිභෝග නොකළ යුතු ජනපද ප්‍රදේශයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
’’මහණෙනි, පුද්ගලයා දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් පුද්ගලයෙක් ගැණ මේ පුද්ගලයා පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු පුද්ගලයා පරිභෝග නොකළ යුතුය. එහි යම් පුද්ගලයෙක් ගැණ මේ පුද්ගලයා පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු පුද්ගලයෙක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු පුද්ගලයාය, පරිභෝග නොකළ යුතු පුද්ගලයායයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
’’මහණෙනි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) මහණෙනි, සිවුරද දෙයාකාරයකින් දතයුතුය. පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරය (කියායි.) මහණෙනි, පිණ්ඩපාතයද දෙයාකාරයකින් දත යුතුය. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්පාතය කියායි. මහණෙනි, සෙනසුනද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනය කියායි. මහණෙනි, ගම හා නියම්ගමද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුය (කියායි.) මහණෙනි, ජනපදයද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ජනපද පෙදෙසය, සේවනය නොකළ යුතු ජනපද පෙදෙසය කියායි.