අංගුත්තර නිකාය

එක නිපාතය

6. බ්‍රාහ්මණ වර්ගය

60. සංගාරව සූත්‍රය

ඉක්බිත්තෙන් වනාහි සංගාරව නම් බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන්නාවූ සංගාරව නම් බ්‍රාහ්මණතෙම, “භවත් ගෞතමයන් වහන්ස අපි බමුණෝ වෙමු. යාග කරන්නෝද වෙමු. යාග කරවන්නෝද වෙමු. භවත් ගෞතමයන් වහන්ස, එහි යමෙක් යාග කරයිද යමෙක් යාග කරවයිද ඒ සියල්ලෝම මේ යාගය හේතුකොට ගෙණ නොයෙක් ශරීරයන්ගෙන් උපදනාවූ පුණ්‍ය ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මේ යමෙක් තෙම යම් ඒ කුලයකින් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිව එක්කෙනකුවූ තමාම දමනය කෙරෙයිද, එක්කෙනකුවූ තමාම සමනය කෙරේද, එක්කෙනෙක් වූ තමාම නිවී කෙලෙස් නිවීම කෙරේද, මෙසේ හෙතෙම යම් මේ ප්‍රව්‍රජ්ජාව හේතුකොටගෙණ එකම ශරීරයෙන් උපදනා පුණ්‍ය ප්‍රතිපදාවට පිළිපන්නේ වේය”යි කීයේය.

“බමුණ, එසේ වී නම් මේ කාරණයෙහි ලා තගෙන්ම අසන්නෙමි. තට යම්සේ කැමති වන්නේද එසේ එය ප්‍රකාශ කරන්නෙහිය. බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? අර්හත්වූ සම්මා සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ ශෝභන ගමන් ඇත්තාවූ, ලෝකය දත්තාවූ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු වැනිවූ දෙවි මිනිසුන්ගේ ගුරුවූ, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධකළාවූ, භාග්‍යවත්වූ, තථාගතතෙමේ මේ ලෝකයෙහි උපදියි. හෙතෙම මෙසේ කියයි. ‘මෙහි එව්, මේ මාර්ගය වන්නේය, මේ ප්‍රතිපදාව වන්නේය. යම් සේ එම මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට ප්‍රතිෂ්ඨාවවූ නිර්වාණය තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙම්ද’ තෙපිද ‘එව්, යම්සේ පිළිපන්නාවූ තෙපිද නිරුත්තරවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට ප්‍රතිෂ්ඨාවවූ නිර්වාණය තෙමේ ප්‍රත්‍යක්ෂ කොට ගෙන ඊට පැමිණ වාසය කරන්නාහුද, එසේ ඒ මාර්ගයෙන් පිළිපදිව්යයි’ කියායි. එසේම මේ ශාස්තෘ තෙමේද ධර්ම දේශනා කෙරෙයි. අන්‍යයන්ද ඒ පිණිස පිළිපදිත්ද ඔව්හු වනාහි නොයෙක් සිය ගණන්ද වෙත්. නොයෙක් දහස් ගණන්ද වෙත්. නොයෙක් ලක්ෂ ගණන්ද වෙත්. බමුණ ඒ කුමකැයි හඟින්නෙහිද? මෙය මෙසේ ඇති කල්හි ප්‍රව්‍රජ්ජාව හෙතුකොටගෙන මෙය එක සිරුරකින් හටගන්නාවූ පුණ්‍ය ප්‍රතිපදාවක් වේද, නොයෙක් සිරුරුවලින් හටගන්නා ප්‍රතිපදාවක් වේදැ”යි වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මෙයද ප්‍රව්‍රජ්ජාව හෙතුකොටගෙන නොයෙක් ශරීරයෙන් හටගන්නාවූ පුණ්‍ය ප්‍රතිපදාවක් වේයයි” කීය. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීය.

“බ්‍රාහ්මණය, මේ ප්‍රතිපදා දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේද අඩු හිරිහැර ඇත්තේද වැඩි මහත් ඵල ඇත්තේද වැඩි මහත් ආනිසංස ඇත්තේද වේයයි හඟින්නෙහිද?” යනුයි.

“මෙසේ කී කල්හි සංගාරව බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේද භවත් ආනන්දයන් වහන්සේ යම්බඳු වෙත්ද එබඳු උත්තමයෝ මා විසින් පිදිය යුත්තෝය, මා විසින් ප්‍රශංසා කටයුත්තෝය” යනුයි.

දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීවේය. (මෙහි මේ සූත්‍රයේ 4 ඡෙදය යෙදිය යුතුයි.) දෙවනුවත් සංගාරව බ්‍රාහ්මණ තෙමේ (මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.) තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ බ්‍රාහ්මණය කවරෙකු තොප විසින් පිදිය යුතුද කවරෙකු තොප විසින් පැසසිය යුතුදැයි මෙසේ නොවිචාරමි. බ්‍රාහ්මණය මම තොපගෙන් මෙසේද විචාරමි. (මෙහි මේ සූත්‍රයේ 4 ඡෙදය යෙදිය යුතුයි.) තුන්වෙනුවත් සංගාරව බ්‍රාහ්මණ තෙමේ (මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.)

ඉක්බිති වනාහි භාග්‍යවතුන් වහන්සේට මේ සිත වීය. ‘තුන්වෙනි වර දක්වාත් සංගාරව නම් බ්‍රාහ්මණ තෙම ආනන්දයන් විසින් කරුණු සහිතව ප්‍රශ්න විචාරණ ලද්දේ නවත්වයි නො විසඳයි. මම ඔවුන් වෙහෙසීමෙන් මුදන්නෙම් නම් යහපත’ කියායි භාග්‍යවතුන් වහන්සේ සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීය. “බමුණ අද රජ ගෙදර, රජ පිරිසෙහි එක්ව රැස්වූවන්ගේ අනිකුදු කථා අතර කවර නම් කථාවක් පහළවීදැයි” අසා වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, රජ ගෙදර රජ පිරිසෙහි එක්ව රැස්වූවන් අතර අද මේ කථාව පහළ විය.

“එනම් පූර්වකාලයෙහි වනාහි භික්ෂූහු ඉතා ස්වල්ප වූහ. එහෙත් බොහෝ දෙනෙක් මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස්වූ ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වූහ. දැන් වනාහි භික්ෂූහු ඉතා බොහෝද වෙත්. එහෙත් ස්වල්ප දෙනෙක්ම මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස්වූ ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දක්වත්ය යනුයි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 8 ඡෙදය මෙනි.)

“බමුණ, මේ ප්‍රාතිහාර්‍ය්‍යයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක්ද ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍ය, අනුශාසනීය ප්‍රාතිහාර්‍ය්‍ය (යන මේයි.) කුමක් ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය නම් වෙයිද? බමුණ, මෙහි ඇතැම් කෙනෙක් නන් වැදෑරුම්වූ ඍද්ධි දක්වත්. කෙසේද?

“එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද මුවා වීමටද භිත්තිය සරසටද පවුර සරසටද පව්ව සරසටද අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. “බමුණ මේ ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.

‘බමුණ ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යය නම් කවරේද? මෙහි ඇතැම් කෙනෙක් දක්නට ලැබෙන ලකුණුවලින් තාගේ සිත මෙසේද වෙයි. තාගේ සිත මේ ආකාරයන්ද වෙයි. තාගේ සිත මෙසේද මෙසේද වේයයි ප්‍රකාශ කරයි. හෙතෙම ඉදින් බොහොමයක් කියාද එය එසේම වෙයි. අන් පරිද්දකින් නොවෙයි. බමුණ, මෙහි සමහර කෙනෙක් ලකුණුවලින් නොකියයි. එහෙත් මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසා තාගේ සිත මෙසේද වේ. තාගේ සිත මේ ආකාරයෙන්ද වේ. තාගේ සිත මෙසේ මෙසේද වේයයි ප්‍රකාශ කරයි. හෙතෙම බොහොමයක් කියයි ඒ එසේම වෙයි. අන් ආකාරයකින් නොවෙයි. බ්‍රාහ්මණය මෙහි ඇතැම් කෙනෙක් ලකුණු වලින්ද නොකියයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසාද ප්‍රකාශ නොකරයි. එහෙත් කල්පනා කරන්නවුන්ගේ සලකා බලන්නවුන්ගේ දොඩවන ශබ්ද අසා තගේ සිත මෙසේය. තගේ සිත මේ ආකාරය තගේ සිත මෙබඳු යයි ප්‍රකාශ කරයි. හෙතෙම බොහොමයක් කියයි. එය එසේම වෙයි. අන් ආකාරයකින් නොවෙයි. බ්‍රාහ්මණය, මෙහි ඇතමෙක් සලකුණු වලින්ද ප්‍රකාශ නොකරයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසාද, ප්‍රකාශ නොකරයි. කල්පනා කරන්නවුන්ගේ කරුණු සලකන්නවුන්ගේ දොඩවන ශබ්ද අසාද ප්‍රකාශ නොකරයි. එහෙත් විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියට සමවැදුණහුගේ සිතින් සිත පිරිසිඳ මේ පින්වත්හුගේ චිත්ත සංඛාරයෝ මෙසේ පිහිටුවන ලදහ. මේ සිතට අනතුරුව අසවල් කල්පනාව කල්පනා කරන්නේයයි ප්‍රකාශ කරයි. හෙතෙම බොහොමයක් ප්‍රකාශ කරයි. එය එසේම වෙයි. අන් පරිද්දෙකින් නොවෙයි. බ්‍රාහ්මණය මේ ආදේසනා ප්‍රාතිහාර්‍ය්‍ය යයි කියනු ලැබේ.

“බ්‍රාහ්මණය, අනුශාසනා ප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරේද? බ්‍රාහ්මණය, මෙහි ඇතැමෙක් ‘මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව් මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මෙය දුරු කරව්. මීට පැමිණ වාසය කරව්යයි’ මෙසේ අනුශාසනා කරයි. බ්‍රාහ්මණය මේ අනුසාසනා ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.

“බමුණ මේ ප්‍රාතිහාර්‍ය්‍යයෝ තුන්දෙන වෙත්. බමුණ තට මේ ප්‍රාතිහාර්‍ය්‍ය තුන අතුරින් කවර නම් ප්‍රාතිහාර්‍ය්‍යයක් වඩා යහපත් යයි කියාද වඩා ප්‍රණීතයයි කියාද, කැමති වේද?”

“භවත් ගෞතමයන් වහන්ස ඔවුන් අතුරෙන් යම් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් වේද (එනම්) මෙහි ඇතැමෙක් නන් වැදෑරුම්වූ සෘද්ධි දක්වයිද. කෙසේද

(මේ ඡෙදය මේ සූත්‍රයේ 12 ඡෙදය මෙනි.)

“භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය යමෙක් කෙරේ නම් හෙතෙමේම එය විඳී. යමෙක් කෙරේ නම් එය ඔහුටම වේ. භවත් ගෞතමයන් වහන්ස මට මේ ප්‍රාතිහාර්‍ය්‍යය මායාවක් මෙන් වැටහෙයි.

භවත් ගෞතමයන් වහන්ස, යම් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් වේද (එනම්) මෙහි ඇතැමෙක් තොපගේ සිත මෙසේද වේ. තොපගේ සිත මේ ප්‍රකාරයෙන් වේ. තොපගේ මනස මෙසේද වේ. හෙතෙම බොහෝද කියයි. මෙය මෙසේ මේ අන් පරිද්දෙකින් නොවේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නිමිත්තෙන් නොකියයි. එකකුදු මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්දය අසා කියයි. තොපගේ සිත මෙසේය. තොපගේ සිත මේ ප්‍රකාරයෙනි. තොපගේ සිත මෙසේය කියායි. හෙතෙම බොහෝ කීවත් එසේම වේ නොවරදී. භවත් ගෞතමයන් වහන්ස මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් නිමිත්තෙන් නොකියයි. මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ දෙවියන්ගේ ශබ්දය අසා කියයි. නැවතද තර්ක කර කල්පනා කර නිදිගත්තවුන්ගේ හා මත්වූවන්ගේ ශබ්ද අසා කියයි. එසේත් නොකියයි එතකුදු වුවත් විතර්ක රහිත විචාර රහිත ධ්‍යානයට සමවැදුනහුන්ගේ සිත දැන කියයි. මේ පින්වත්හුගේ සිත යම්සේද මේ සිතට පසුව අසවල් සිත උපදීයයි හෙතෙම බොහෝ කීවත් වෙනස් නොවේ, භවත් ගෞතමයන් වහන්ස මේ ප්‍රාතිහාර්‍ය්‍යයකි, යමෙක් එය කරයිද, හෙතෙම එය දනී. යමෙක් එය කරයිද ඔහුට එයම වේ. භවත් ගෞතමයන් වහන්ස මේ ප්‍රාතිහාර්‍ය්‍යද මායාවක් සේ පෙනේ.

භවත් ගෞතමයන් වහන්ස, යම් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් වේද, එනම් මෙහි ඇතැම් කෙනෙක් මෙසේ කල්පනා කරව්. මෙසේ කල්පනා නොකරව් මෙසේ මෙනෙහි කරව්. මෙසේ මෙනෙහි නොකරව්. මෙය අත්හරිව් මීට පැමිණ වාසය කරව්ය කියායි.

“භවත් ගෞතමයන් වහන්ස මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුන අතුරින් මේ ප්‍රාතිහාර්‍ය්‍යයම ඉතා යහපත්ය, ඉතා ප්‍රණීතයයි රුචිවෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයයි. අද්භූතයි, භවත් ගෞතමයන් විසින් මෙය ඉතා මනාකොට වදාරණ ලද්දේය. අපි මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුනින් යුක්තවූ භවත් ගෞතමයන් වහන්සේ දරාගණිමු. භවත් ගෞතමයන් වහන්සේ නානාප්‍රකාර ඍද්ධි පායි. කෙසේද එකෙක්ව බොහෝ දෙනෙක් වේ. බොහෝව සිට එකෙක් වෙයි. පෙනෙන බවට සරස් බවට බිත්ති සරසට පවුර සරසට පර්වත සරසටද අහසෙහි මෙන් පොළොවෙහි නොගැටෙමින් යයි. ජලයෙහි මෙන් පොළොවෙහිත් මතුවීම කිමිදීම කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබෙදමින් යයි. අහසෙහි පලඟින් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙන අතින් පිරිමදියි. බඹලොව දක්වා කයින් වසඟයට පමුණුවයි.

“භවත් ගෞතමයන් වහන්සේ විතර්ක රහිත විචාර රහිත සමාධියට සමවැදුනහුගේ සිතින් සිත දනියි. මේ පින්වත්හුගේ සිත යම්සේ පිහිටුවන ලද්දේද මේ සිතට පසුව මෙනම් විතර්කයක් සිතන්නාහුයයි කියායි භවත් ගෞතමයන් වහන්සේ, මෙසේ සිතව් මෙසේ නොසිතව් මෙසේ මෙනෙහි කරව්. මෙසේ මෙනෙහි නොකරව්, මෙය අත්හරිව්, මෙයට පැමිණ වාසය කරව්, මෙසේ අනුශාසනා කරයි.

“බමුණ, ඒකාන්තයෙන්ම තා විසින් මාගේ ගුණ සමීපයට ගෙන මේ වචනය ප්‍රකාශ කරණ ලද්දීය. එසේ නමුත් තට මම ප්‍රකාශ කරන්නෙමි. බමුණ මම වනාහි නානාප්‍රකාර ඍද්ධි කරමි. කෙසේද.

(“මේ ඡෙදය මේ සූත්‍රයේ 12 ඡෙදය මෙනි) 25. “බමුණ මම වනාහි විතර්ක රහිත විචාර රහිත සමාධියට පැමිණි මා මේ පින්වත්හුගේ සිත යම්සේ පිහිටුවීද මේ සිතට පසුව මෙනම් විතර්කයක් සිතන්නේයයි ඔහුගේ සිත මා විසින් දැන ප්‍රකාශ කරමි. බමුණ මම වනාහි මෙසේ අනුශාසනා කරමි. මෙසේ සිතව. මෙසේ නොසිතව. මෙසේ මෙනෙහි කරව මෙසේ මෙනෙහි නොකරව. මෙය අත් හරිව්. මීට පැමිණ වාසය කරව් යයි” කියායි. 23 “බමුණ, ඒකාන්තයෙන්ම තා විසින් මාගේ ගුණ සමීපයට ගෙන මේ වචනය ප්‍රකාශ කරණ ලද්දීය. එසේ නමුත් තට මම ප්‍රකාශ කරන්නෙමි. බමුණ මම වනාහි නානාප්‍රකාර ඍද්ධි කරමී. කෙසේද.

(“මේ ඡෙදය මේ සූත්‍රයේ 12 ඡෙදය මෙනි) 25. “බමුණ මම වනාහි විතර්ක රහිත විචාර රහිත සමාධියට පැමිණි මා මේ පින්වත්හුගේ සිත යම්සේ පිහිටුවීද මේ සිතට පසුව මෙනම් විතර්කයක් සිතන්නේයයි ඔහුගේ සිත මා සිතින් දැන ප්‍රකාශ කරමි. බමුණ මම වනාහි මෙසේ අනුශාසනා කරමි. මෙසේ සිතව. මෙසේ නොසිතව. මෙසේ මෙනෙහි කරව මෙසේ මෙනෙහි නොකරව. මෙය අත් හරිව්. මීට පැමිණ වාසය කරව් යයි” කියායි.

“භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍ය තුනින් යුක්තවූ භවත් ගෞතමයන් වහන්සේ හැර යම් අන්‍යවූ එක භික්ෂුවකුත් ඇත්තේද “බමුණ සීයක්ද නොවෙයි. දෙසීයක්ද නොවෙයි. තුන් සීයක්ද නොවෙයි. සාර සීයක්ද නොවෙයි.

පන් සීයක්ද නොවෙයි. යලිදු මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුනින් තුනින් යුත් භික්ෂූහු බොහෝවෙත් යයි’ වදාළේය. “භවත් ගෞතමයන් වහන්ස ඒ භික්ෂූහු දැන් කොතැන්හි වෙසෙද්ද” “බමුණ මේ භික්ෂු සංඝයා අතරෙහිම යයි” (වදාළේය)

මේ ඡෙදය මේ වර්ගයෙහි 3 සූත්‍රයේ 14 ඡෙදය මෙනි.)

පළමුවැනි බ්‍රාහ්මණ වර්ගය නිමි.