අංගුත්තර නිකාය
එක නිපාතය
7. මහා වර්ගය
66. නන්දකත්ථෙර සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ සැවැත්නුවර මිගාරමාතුප්‍රසාද නම්වූ පූර්වාරාමයෙහි වාසය කරයි. එකල්හි මිගාර සිටුහුගේ මුනුපුරුවූ සාළ්හ තෙමේද පෙඛුනිය සිටුහුගේ මුනුපුරුවූ රොහණ තෙමේද ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියාහ. පැමිණ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ට වැඳ එක්පසෙක හුන්හ.
එක්පසෙක හුන් මිගාර සිටුහුගේ මුනුපුරුවූ සාළ්හට මෙසේ කීය. කෙසේද? “සාළ්හයෙනි, (මෙහි මේ වර්ගයේ 15 වෙනි සූත්‍රයේ 5 වෙනි ඡෙදයේ ‘තෙපි’ යන වචනයේ සිට යොදාගැනීමේදී ‘කාලාමයෙනි’ වෙනුවට ‘සාළ්හයෙනි’ යොදා ගත යුතුයි.)
“සාළ්හයෙනි, ඒ කුමකැයි හඟින්නහුද? ලොභය ඇත්තේද?”-“ස්වාමීනි එසේය.”
“සාළ්හයෙනි, මම අභිධ්‍යා යනුද මේ සඳහාම කියමි. සාළ්හයෙනි, ලොභයෙන් ඇලුණාවූ අභිධ්‍යා බහුල කොට ඇත්තාවූ මෙතෙමේ සතුන්ද මරයි.
“සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යයි, බොරුද කියයි, ඔහුට යමක් බොහෝකලක් අහිත පිණිස දුක් පිණිස වෙයි නම්, අන්‍යයාද එහි යොදවයිද?”-“ස්වාමීනි එසේය.”
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? ද්වේෂය ඇත්තේද?”-“ස්වාමීනි එසේය.”
“සාළ්හයෙනි, මම ව්‍යාපාද යනුද ඒ සඳහාම කියමි. සාළ්හයෙනි, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇති මෙතෙමේ සතුන් මරයි. (මෙහි මේ සූත්‍රයේ 4 ඡෙදය යෙදිය යුතුය)
‘සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? මොහය ඇත්තේද?”-“ස්වාමීනි එසේය.”
“සාළ්හයෙනි, මම අවිද්‍යා යනුද ඒ සඳහාම කියමි. සාළ්හයෙනි, මුළාවූ අවිද්‍යාවෙන් යුක්තවූ මෙතෙමේ සතුන්ද මරයි. (මෙහි මේ සූත්‍රයේ 4 ඡෙදය යොදාගත යුතුයි.)
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුසල් හෝ වෙත්ද අකුසල් හෝ වෙත්ද?”- “ස්වාමීනි අකුසල්ය.”
“වරද හෝ නිවරද හෝ වෙත්ද?”-“වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දාහු හෝ වෙත්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනලද්දාහු හෝ වෙත්ද?”-“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දාහු වෙත්”
“පුරන ලද්දාහු සමාදන්වන ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිත්ද? නොපවතිත්ද? මෙහි තොපගේ අදහස කෙසේද?”-“ස්වාමීනි පුරනලද්දාහු සමාදන් වන ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිත්. මෙහි අපගේ අදහස මෙසේ වේයයි” කීය. සාළ්හයෙනි, (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය මෙන් 15 සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි)
“සාළ්හයෙනි, එකල්හි තෙපි අකුසල පහකරන්නාහුයයි යමක් කීයෙමුද මෙසේ යමක් කියන ලද්දේද එය මේ සඳහාම කියනලදී.
“සාළ්හයෙනි (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය මෙන් 15 සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.) සාළ්හයෙනි, එකල්හි තෙපි කුසලයන්ට පැමිණ වාසයකරව්.
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? ආලොභය ඇත්තේද?”-“ස්වාමීනි, එසේය.”
“සාළ්හයෙනි, මම අනභිධ්‍යා යනුද ඒ සඳහාම කියමි සාළ්හයෙනි, ලොභයෙන් නො ඇලුණාවූ අනභිධ්‍යාව බහුල කොට ඇත්තාවූ මෙතෙමේ සතුන් නොමරයි.
“සොරකම්ද නොකරයි. පරදාරාවන් කරාද නොයයි. බොරුද නොකියයි. ඔහුට යමක් බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?-“ස්වාමීනි, එසේය.
“සාළ්හයෙනි, අද්වෙෂය ඇත්තේද?”-“ස්වාමීනි, එසේය. “සාළ්හයෙනි, මම අව්‍යාපාද යනුද ඒ සඳහාම කියමි. සාළ්හයෙනි, ද්වේෂයෙන් දූෂ්‍යනොවූ අව්‍යාපාද සිත් ඇත්තාවූ මෙතෙමේ සතුන්ද නොමරයි. (මෙහි මේ සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි.)
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? අමොහය ඇත්තේද?-“ස්වාමීනි, එසේය.”
“සාළ්හයෙනි, මම අවිද්‍යා යනුද මේ සඳහාම කියමි. සාළ්හයෙනි, නොමුළාවූ විද්‍යාවෙන් යුක්තවූ මෙතෙමේ සතුන්ද නොමරයි. (මෙහි මේ සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි.)
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුශලයෝ හෝ වෙත්ද? අකුශලයෝ හෝ වෙත්ද? “ස්වාමීනි, කුශලයෝය.”
“වරද හෝ නිවරද හෝ වෙත්ද?”-“ස්වාමීනි, නිවරදය”
“නුවණැත්තන් විසින් ගර්හාකරන ලද්දාහු හෝ වෙත්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනලද්දාහු හෝ වෙත්ද?-“ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසාකරන ලද්දාහු වෙත්”
“පුරනලද්දාහු සමාදන්වන ලද්දාහු හිත පිණිස සැප පිණිස පවතිත්ද නොපවතිත්ද? මෙහි තොපගේ අදහස කුමක්ද?”-“ස්වාමීනි, පුරනලද්දාහු සමාදන්වන ලද්දාහු හිත පිණිස සැප පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වේයයි” කීය.
‘සාළ්හයෙනි, මෙසේ (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය
මෙන් 15 සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.)
(මෙහි මේ සූත්‍රයේ 8 වෙනි ඡෙදය යෙදිය යුතුයි)
“සාළ්හයෙනි, එකල්හි තෙපි ඊට පැමිණ වාසය කරව් යයි යම් වචනයක් කීයෙමුද, මෙසේ යම් වචනයක් කියන ලද්දේද එය මේ සඳහා කියනලදී.
“සාළ්හයෙනි, මෙසේ දුරුකළ අභිධ්‍යා ඇත්තාවූ දුරුකළ ව්‍යාපාද ඇත්තාවූ නොමුළාවූ යහපත් නුවණින් යුක්තවූ සිහියෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෛත්‍රී සහගත සිතින් කරුණාසහගත සිතින් (මෙහි මේ වර්ගයේ 13, සූත්‍රයේ 13, 14, 16, 14, 18, 14, 20, 14, ඡෙදය යොදාගතයුතුයි)
හෙතෙමේ මේ දුක්ඛ සත්‍ය ඇතැයිද මේ හීනවූ සමුදය සත්‍ය ඇතැයිද මේ ප්‍රණීතවූ මාර්ගසත්‍ය ඇතැයිද මේ විදර්ශනා ඥානයෙන් මතුයෙහි නිශ්ශරණයවූ නිරොධසත්‍ය ඇත්තේයයි දැනගනියි. මෙසේදන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයන් කෙරෙන්ද මිදෙයි. භවාශ්‍රවයන් කෙරෙන්ද සිත මිදෙයි. අවිද්‍යාශ්‍රවයන් කෙරෙන්ද සිත මිදෙයි. මිදුණ කල්හි මිදුණේය යන ඥානය පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරනලදී. මෙයින් පසු ආත්ම භාවයක් නැතැයි දැනගනියි.
“හෙතෙම මෙසේ දැනගනියි. පෙර ලොභය විය. එය අකුසලයක් විය. එය දැන් නැත. එය යහපති පෙර ද්වෙෂය විය. එය අකුසලක් විය. එය දැන් නැත. එය යහපති. පෙර මොහය විය. එය අකුසලකි. එය දැන් නැත. එය යහපති කියායි. හෙතෙම මෙසේ මේ ආත්මයෙහිම අවිද්‍යා වැස්ම දුරුවූයේ නිවීගියේ සිසිල්වූයේ සැපය විඳින්නේ බ්‍රහ්මවූ ආත්මයෙන් (ස්කන්ධයෙන්) යුක්තව වාසය කරන්නේයයි” කීය.