අංගුත්තර නිකාය
එක නිපාතය
7. මහා වර්ගය
68. තිර්ථය පුච්ඡා සූත්‍රය
“මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඇවැත්නි, මේ ධර්මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද? රාගයද දොසයද මොහයද යන තුනයි. ඇවැත්නි, මේ ධර්මයෝ තිදෙන වෙත්. ඇවැත්නි, මේ තුන් ධර්මයන්ගේ විශෙෂය කුමක්ද අභිප්‍රාය කුමක්ද වෙනස කුමක්දැයි, ඉදින් අසන්නාහුද, මහණෙනි මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කුමකැයි ප්‍රකාශ කරන්නාහුද?
“ස්වාමීනි, අපහට ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. මේ වදාරණ ලද කාරණයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකට කරන සේක්නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහුයයි” කීහ.
“මහණෙනි, එසේ නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
“මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව් කෙසේද? ‘ඇවැත්නි රාගය වනාහි ස්වල්ප වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය. ද්වෙෂය මහත් වරද ඇත්තේය, වහා දුරු වන්නේය. මොහය මහත් වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය.
ඇවැත්නි, යමක් හෙතුකොට ගෙන නූපන්නාවූ රාගය උපදීද උපන්නාවූ රාගය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියිද ඊට හෙතුව කුමක්ද කාරණය කුමක්ද? සුභ ආරම්මණ යයි කිය යුතු වන්නේය. සුභාරම්මණය නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ රාගය උපදියි. උපන්නාවූ රාගය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. යම් හෙතුවකින් නූපන්නාවූ රාගය උපදියිද, උපන්නාවූ රාගය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. මේ ඊට හෙතුවයි කාරණයයි.
“ඇවැත්නි, යම් හෙතුවකින් නූපන්නාවූ දොෂය උපදියිද උපන්නාවූ දොෂය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියිද ඊට හෙතුව කුමක්ද? කාරණය කුමක්ද? ඇවැත්නි, ක්‍රොධය උපදින අරමුණ යයි කිවයුතුය. ඇවැත්නි ක්‍රොධය උපදින අරමුණ නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ දොෂය උපදියි. උපන්නාවූ දොෂය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. ඇවැත්නි යම් හෙතුවකින් නූපන්නාවූ ද්වෙෂය උපදියිද උපන්නාවූ ද්වෙෂය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. මේ ඊට හෙතුවයි කාරණයයි.
“ඇවැත්නි, යම් හෙතුවකින් නූපන්නාවූ මොහය උපදීද, උපන්නාවූ මෝහය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියිද, ඊට හෙතුව කුමක්ද කාරණය කුමක්ද? ඇවැත්නි, නුනුවණින් මෙනෙහි කිරීමයයි කිව යුතුය. නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ මොහය උපදියි. උපන්නාවූ මොහය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. යම් හෙතුවකින් නූපන්නාවූ මොහය උපදියිද උපන් මොහය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. මේ ඊට හෙතුවයි කාරණයයි.
“ඇවැත්නි, යම් හෙතුවකින් නූපන්නාවූ රාගය නූපදියිද උපන්නාවූ රාගය දුරුවෙයිද ඊට හෙතුව කවරේද කාරණය කවරේද? අසුභාරම්මණයයි කියයුතුය. අසුභාරම්මණය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් රාගය නූපදියි. උපන් රාගය, දුරුවෙයි. යම් හෙතුවකින් නූපන් රාගය නූපදීද, උපන්නාවූ රාගය දුරු වෙයිද මේ ඊට හෙතුවයි කාරණයයි.
“ඇවැත්නි, යම් හෙතුවකින් නූපන් ද්වෙෂය නූපදියිද, උපන් ද්වෙෂය දුරු වෙයිද, ඊට හෙතුව කුමක්ද? කාරණය කුමක්ද? මෛත්‍රී සමාධියයි කිය යුතුය. මෛත්‍රී සමාධිය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් ද්වෙෂය නූපදියි. උපන් ද්වෙෂය දුරු වෙයි. ඇවැත්නි, යම් හෙතුවකින් නූපන් ද්වෙෂය නූපදීද උපන්නාවූ ද්වෙෂය දුරු වෙයිද, මේ ඊට හෙතුවයි කාරණයයි.
ඇවැත්නි, යම් හෙතුවකින් නූපන් මොහය නූපදියිද, උපන් මොහය දුරු වෙයිද, ඊට හෙතුව කුමක්ද? කාරණය කුමක්ද නුවණින් මෙනෙහි කිරීම යයි කියයුතුය. නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් මොහය නූපදියි. උපන් මොහය දුරු වෙයි. ඇවැත්නි, යමක් හෙතුකොට ගෙන නූපන් මොහය නූපදීද උපන්නාවූ මොහය දුරු වෙයිද මේ ඊට හෙතුවයි කාරණයයි.”