අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)
7. වස්සකාර සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර, වේළුවනයෙහි, කලන්‍දක නිවාපයෙහි වාසය කරණ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්කාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි මගධ මහාමාත්‍යවූ වස්කාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, ’භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා හඳුනන්නේදැ’ යි ඇසීය.
’’බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි යම් අසත්පුරුෂයෙක්, අසත්පුරුෂයා දනීද, මෙය නොසිදුවන්නකි. අනවකාශයකි.
’’භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද?’’
’’බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද, මෙයද නොසිදුවන්නකි, අනවකාශයකි.’’
’’භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයාව දන්නේද?’’
’’බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.’’
’’මේ තෙමේ අසත්පුරුෂයයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයාව දනීද?’’
’’බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.’’
’’භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයි, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් ’’බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි යම් අසත්පුරුෂයෙක්, අසත්පුරුෂයා දනීද, මෙය නොසිදුවන්නකි. අනවකාශයකි.’’ ’’බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද, මෙයද නොසිදුවන්නකි, අනවකාශයකි.’’ ’’බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.’’ ’’බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.’’
’’භවත් ගෞතමයන් වහන්ස, එක් කාලයෙක්හි මෙය සිදුවිය. තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පිරිසෙහි මේ රජ තෙමේ, රාම පුත්‍ර ශ්‍රමණයා කෙරෙහි මනාව පැහැදුනේ, ශ්‍රමණ රාම පුත්‍රයා කෙරෙහි යම් මේ වැඳීමක්, පෙර ගමන් යාමක්, ඇඳිලි බැඳීමක්, සාමීචි කතාවක් ඇද්ද, බාලවූ මේ රජ තෙම ඤාණවන්තය. තමාගේ දොස් කතාවක් පැවැත්තේය. යමකය, මොග්ගල්ලය, උග්‍රය, නාවින්‍දකීය, ගන්‍ධර්‍වය, අග්ගිවෙස්සය යන මොවුහුද ඤාණවන්ත රජුගේ පිරිවරවූ බාලයෝ
’’ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි යම් මේ වැඳීමය, පෙරගමනය, ඇඳිලි බැඳීමය, සාමීචි කර්‍මය යන ශ්‍රෙෂ්ට ගෞරවයන් කරත්.
’’තමාගේ පිරිසෙහි සිටි ඔවුන්ට, තොදෙය්‍ය බ්‍රාහ්මණ තෙම, ’පින්වත්නි, ඒ කුමකැයි සිතන්නහුද, රජ තෙමේ පණ්ඩිතය, කෙළතොළුය, පණ්ඩියන් විසින් කළ යුතු අතිරේක කෘත්‍යයන්හිද කිවයුතු අතිරේක වශයෙන් කිවයුතු දෙයෙහිද, පණ්ඩිතකමින් අතිශය පණ්ඩිතයයි, මේ කාරණයන්හි ලා දන්වයි. මෙසේ පින්වත්නි, රජ තෙමේ පණ්ඩිතය කෙළතොළුය, කළ යුතු අතිරේක කෘත්‍යයන්හිද, කිවයුතු අතිරේක වශයෙන් කිවයුතු පණ්ඩිතකමින් අතිශය පණ්ඩිතය, එසේ හෙයින් රජ තෙම පණ්ඩිතයි.
’’පින්වත්නි, යම් හෙයකින් ශ්‍රමණ රාම පුත්‍ර තෙම ඤාණවන්ත, පණ්ඩිතකමින් අතිශය පණ්ඩිතවූ රජු විසින් කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, අතිරේක වශයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන්, අතිරේක පාණ්ඩිත්‍යයෙන් සලකයිද, එසේ හෙයින් ඤාණවන්ත රජ තෙම ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි යම් මේ වැඳීමය, පෙරගමනය, ඇඳිලි බැඳීමය, සාමීචි කර්‍මය යන ශ්‍රෙෂ්ට ගෞරවයන් කරත්.
’’පින්වත්නි, ඤාණවන්ත රජුගේ පිරිවරවූ, යමක, මොග්ගල්ල, උග්ගනාවින්‍දකි, ගන්‍ධර්‍ව, අග්ගිවෙස්ස යන පණ්ඩිතයෝ කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, අතිරේක වශයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන් , අතිරේක පාණ්ඩිත්‍යයෙන් යුක්ත, පණ්ඩිතයෝයයි හඟිත්ද, පින්වත්නි, එසේය. ඤාණවන්ත රජුගේ පිරිවරවූ, යමක, මොග්ගල්ලාන, උග්ග, නාවින්‍දකි, ගන්‍ධබ්බ, අග්ගිවෙස්ස යන කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, අතිරේක වශයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන් හා අතිරේක පාණ්ඩිත්‍යයෙන් යුක්ත පණ්ඩිතයෝය.
’’පින්වත්නි, යම් හෙයකින් ශ්‍රමණ රාම පුත්‍ර තෙම කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, විශෙෂයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන්, අතිරේක පාණ්ඩිත්‍යයෙන් යුත්, ඤාණවන්ත රජහුගේ පණ්ඩිතයන්ගෙන් අතිශයින් පණ්ඩිතද, එසේ හෙයින් ඤාණවන්ත රජුගේ පිරිවර ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි අතිශයින් ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි යම් මේ වැඳීමය, පෙරගමනය, ඇඳිලි බැඳීමය, සාමීචි කර්‍මය යන ශ්‍රෙෂ්ට ගෞරවයන් කරත්.
’’භවත් ගෞතමයන් වහන්සේ විසින් ’මේ තෙමේ අසත්පුරුෂයායයි අසත්පුරුෂයා, අසත්පුරුෂයා දන්නේද? බහුණ, මෙය නොසිදුවන්නකි. අනවකාශයකියි යම් සුභාසිතයකි.’ භවත් ගෞතමයන් වහන්සේ විසින් වදාළේද? භවත් ගෞතමයන් වහන්ස,
’’මේ සත්පුරුෂ තෙමේ යයි අසත්පුරුෂයා සත්පුරුෂයා දනීද? බමුණ, මෙයද නොසිදුවන්නකි. අනවකාශයකියිද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි, සත්පුරුෂතෙම සත්පුරුෂයා දනී නම් මේ කරුණ විද්‍යමාන වේයයිද, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂයා අසත්පුරුෂයා දනීද, බමුණ, මේ කරුණද විද්‍යමාන වේයයිද?’’ වදාළේද,
’’මෙය ආශ්චර්‍ය්‍යයි, භවත් ගෞතමයන් වහන්ස, මෙය අද්භූතයි. භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් දැන් අපි යමු. අපට බොහෝ වැඩ, බොහෝ කටයුතු ඇත්තාහ.’’
’’බ්‍රාහ්මණය, ඔබ දැන් යමකට කාලයද, එය හඟින්නැ’ යි වදාළ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම සතුටුවී අනුමෝදන්ව අස්නෙන් නැගිට ගියේය.’’