අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
6. මහා වර්‍ගය
1. සොණකොළිවිස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සෝණ තෙමේ රජගහනුවර සීත වනයෙහි වෙසෙයි.
ඉක්බිති වනාහි රහසිගතවූ, විවේක සහිතවූ, ආයුෂ්මත් සෝණ හට මෙබඳු සිතේ කල්පනාවක් පහළ විය.
’භගවත්හුගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේද වුවත් වනාහි මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි සිතුයේය.
ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ සිතින් ආයුෂ්මත් සෝණගේ සිතෙහිවූ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම ගිජුකුළු පව්වෙන් අතුරුදහන්ව සීත වනයෙහි ඇවැත් සොණ ඉදිරියේ පහළවූ සේක.
භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නේ වැඩහුන් සේක. ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සෝණහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
’’සෝණය, රහසිගතව, විවේකීව සිටි තොපගේ සිතට මෙබදු කල්පනාවක් වූයේ නොවේද? ’භගවත්හුගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේද වුවත් වනාහි මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි - ’’ස්වාමීනි, එසේය.’’
’’සෝණය, ඒ කුමකැයි සිතන්නෙහිද? පෙර ඔබ ගිහිගෙයි සිටියදී වීණාවෙහි තත් වැයීමෙහි දක්‍ෂ නොවේද?’’ - ’’එසේය, ස්වාමීනි.’’
’’සෝණය, ඒ කුමකැයි සිතහිද? යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා දිග නම් එවිට ඔබේ වීණාව හොඳට නද දේද, වැඩට සුදුසු වේද?’’ - ’’ස්වාමීනි, නොවේමය.’’
’’සෝණය, යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා බුරුල්වූවා, කිම ඔබේ වීනාව එවිට හොඳට නද දේද, වැඩට සුදුසු වේද?’’ - ’’ස්වාමීනි, නොවේමය.’’
’’සෝණය, යම් විටෙක වීණාවේ තත් ඉතා දිග නොවේද, ඉතා බුරුල් නොවේද, සම ගුණයෙහි සිටියේ වේද, ඔබේ වීණාව එවිට කිම, හොඳට නද දේද, වැඩට සුදුසු වේද?’’ - ’’ස්වාමීනි, එසේය.’’
’’එසේම සෝණය, වැඩියෙන් පටන්ගත් වීර්යය සිතේ නොසන්සුන්කම පිණිස පවතී. ඉතා හැකුලුන වීර්යය අලසකම පිණිස පවතී.
’’සෝණය, එබැවින් ඔබ මෙහිදී වීර්යයේ සමවතෙහි පිහිටව. වීර්යාදී ඉඳුරන්ගේ සම බව තේරුම් ගනුව. එහිදු අරමුණ ගනුව.’’
’’එසේය, ස්වාමීනි,’’ යි ආයුෂ්මත් සෝණ තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි.
ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණහට මේ අවවාදයෙන් අවවාද දී යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම සීත වනයෙන් අතුරුදන්ව ගිජුකුළු පව්වෙහි පහළවූ සේක.
ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් සෝණ තෙමේ පසු කාලයේ වීර්ය සමභාවයෙහි පිහිටියේය. ඉඳුරන්ගේ සමභාවය තේරුම් ගත්තේය. එහිදු අරමුණ ගත්තේය.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණ තෙමේ හුදකලා වූයේ, තනි වූයේ, නොපමා වූයේ, කෙළෙස් තැවීම කරන්නේ, නිවන් වෙත යොමු කළ සිත් ඇතිව වසන්නේ, නොබෝ කලකින්ම, යමක් පිණිස කුලපුත්තු ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඉතා උතුම් බඹසර අවසන්කොට ඇති, ඒ නිවණ මේ ආත්මයේම තෙමේ මනාව දැන, අත්දැක, පැමිණ වාසය කෙළේය. උත්පත්තිය ගෙවුණේය. බඹසර වැස නිමවිය. කළයුත්ත කරණ ලදී. මෙලොවෙහි කළයුතු අනිකක් නැතැයි පෙනුනේය. ආයුෂ්මත් සෝණ තෙමේ රහතුන් අතර එක් තැනැත්තෙක් විය.
ඉක්බිති රහත්වූ සෝණහට මෙබඳු සිතෙක් විය. ’මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් රහත් භාවය පවසන්නේ නම් මැනවැ’ යි (කියාය.) ඉක්බිති සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
’’ස්වාමීනි, රහත්වූ, පව් ගෙවූ, බඹසර වැස නිමවූ, කළයුත්ත කළ, බර බිම තැබූ, සිය වැඩ සම්පූර්‍ණවූ, හොඳින් දැන මිදුණාවූ යම් මේ භික්‍ෂුවක් වේද, මේ කරුණු සයෙහි අධික ලෙස ඇළුනේ වේ.
’’නෛෂ්ක්‍රම්‍යයෙහි, තද විවේකයෙහි, අහිංසා (අව්‍යාපාද) යෙහි, ඇල්ම (තණ්හා) නැති කිරීමෙහි, දැඩිසේ ගැනීම ක්‍ෂය කිරීමෙහි, මුළා නොවීමෙහි, අධික ලෙස ඇළුණේ වෙයි.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.
’’ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනෙකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කැමැත්තෙන්ම තද විවේකයෙහි යෙදුණේ වේ’ (කියා) ය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ අහිංසාවෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.
’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ තෘෂ්ණා ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ දැඩිකොට සිතින් අල්වා ගැනීම ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ මුළා නොවීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රූපයෝ ඇස් හමුවට පැමිණෙත්ද, ඒ රූප ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රූපයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ශබ්දයෝ, කන හමුවට පැමිණෙත්ද, ඒ ශබ්ද ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ශබ්දයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ගන්‍ධයෝ නාසය හමුවට පැමිණෙත්ද, ඒ ගන්‍ධ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ගන්‍ධයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රසයෝ, දිව හමුවට පැමිණෙත්ද, ඒ රස ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රසයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ස්පර්‍ශයෝ, කය හමුවට පැමිණෙත්ද, ඒ ස්පර්‍ශ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ස්පර්‍ශයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර සිතින් දත යුතු කරුණු, සිත හමුවට පැමිණෙත්ද, ඒ සිතින් දත යුතු කරුණු ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ සිතින් දත යුතු කරුණුවල විනාශයද බලයි.
’’ස්වාමීනි, සිදුරු නොවූ, බෙන නැති, එකට ඝනවූ ගල් පර්‍වතයක් යම් සේද, නැවත පෙරදිගින්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය. නැවත බටහිර දිශාවෙන්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය. නැවත උතුරු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය. නැවත දකුණු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට ඇසින් දැක්ක යුතු ලක්‍ෂණ රූපයෝ ඇසට හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රූපයේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කණින් ඇසියයුතු ශබ්දයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ශබ්දයේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට නාසයෙන් ගඳ සුවඳ දැනීම කටයුතු ගඳ සුවඳ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ගඳ සුවඳේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට දිවෙන් දතයුතු රසයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රසයන්ගේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කයින් දැනගතයුතු ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ස්පර්‍ශයන්ගේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට සිතින් දැනගතයුතු ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ධර්‍මයන්ගේ විනාශය අනුව බලයි.’’
(1-2) ’’රහත්බවයයි කියන නෛෂ්ක්‍රම්‍යයද, සිතේ එම කෙළෙසුන් කෙරෙන් වෙන්වීම ඇති බවද, අවබෝධ කොට සිටියාවූද, තෘෂ්ණාව නැති කිරීමද, සිතේ මුලානොවීමද අවබෝධකොට සිටියාවූ කෙළෙස් නැති උතුමෙකුගේ ආයතනයන්ගේ ඉපදීම හා විනාශය දැක සිත මනාකොට මිදේද’
(3-4) ’’මෙසේ මනාකොට මිදුනාවූ නිවුනාවූ සිත් ඇති ඒ භික්‍ෂුව විසින් කරණ ලද්ද නැවත නැවත වැඩීමක් නැත්තේය. කළයුතු දෙයක් නැත.
(5) ’’ඒකඝනවූ පර්‍වතය වාතයෙන් කම්පා නොවේද, මෙපරිද්දෙන් රූපාලම්බනයෙන්ද,(ඇලීමෙන්ද) ශබ්දාලම්බනයෙන්ද, ගන්‍ධාලම්බනයෙන්ද, ස්පර්‍ශාලම්බනයෙන්ද, ලාභාලාභයෙහි ගිජුනොවන රහතන් වහන්සේලා කම්පා නොවෙති. උන්වහන්සේගේ සිත විශේෂයෙන් මිදුනේ වේ. සිටියේ වේ. ඒ සිතේ ඉපදීම හා නැසීමද රහතන් වහන්සේ නැවත නැවත දකියි.’’