අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
7. මහා වර්‍ගය
4. අහුණෙය්‍යසත්තඞ්ග සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම සතකින් යුත් භික්‍ෂුව පූජාවට යෝග්‍ය වේ. මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම (2) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා (3) දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි (4) සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’කවර සතකින්ද යත්? මේ ශාසනයෙහි මහණතෙම ධර්‍මය දන්නේ වේද, අර්ත්‍ථය දන්නේ වේද, තමා දන්නේද, ප්‍රමාණය දන්නේද, කාලය දන්නේද, පිරිස දන්නේද, උතුම් පුද්ගලයන් දන්නේද, (යන කරුණු සතයි.)
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුව ධර්‍මය දන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ධර්‍මය දන්නේ, සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, අද්භූත ධර්‍මය, වෙදල්ලය, (2) දනීද, හෙතෙම ධර්‍මය දන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්‍ෂුව ධර්‍මය දන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ධර්‍මය දන්නේ, සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, අද්භූත ධර්‍මය, වෙදල්ලය, නොදන්නේ නම් මේ ශාසනයෙහි ධර්‍මය නොදන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්‍ෂුව ධර්‍මය දන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ධර්‍මය දන්නේ, සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, අද්භූත ධර්‍මය, වෙදල්ලය, දන්නේද, එහෙයින් මේ ශාසනයෙහි භික්‍ෂුව ධර්‍මය දන්නේ වේ. (ධර්‍මය දන්නා තැනැත්තා මෙසේය.)
’’අර්ත්‍ථය දන්නා තැනැත්තේද කෙසේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි (2) භික්‍ෂුව ඒ ඒ භාෂිතයාගේ අර්ත්‍ථය මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ වෙයි. මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ වේ යයි දනී.
’’මහණෙනි, ඉදින් මේ නොදන්නේද, අර්ත්‍ථය දන්නේයයි නොකියන්නේය. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේය. මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ යයි ඒ ඒ භාෂිතයාගේ අර්ත්‍ථය දනීද, එහෙයින් අර්ත්‍ථය දන්නේයයි කියයි. (ධර්‍මය දන්නා තැනැත්තේද, අර්ත්‍ථය දන්නා තැනැත්තේද මෙසේය.)
’’තමා දන්නේ කෙසේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව (2) ශ්‍රද්ධාවෙන්ද, ශීලයෙන්ද, ශ්‍රුතයෙන්ද, ත්‍යාගයෙන්ද, ප්‍රඥාවෙන්ද, ප්‍රතිභානයෙන්ද, මෙපමණකින් යුක්ත වීමයි. (3) තමා දනීද, එහෙයින් තමා දන්නේයයි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රද්ධාවෙන්ද, ශීලයෙන්ද, ශ්‍රුතයෙන්ද, ත්‍යාගයෙන්ද, ප්‍රඥාවෙන්ද, ප්‍රතිභානයෙන්ද, මෙපමණකින් යුක්ත වීමයි. නොදන්නේද, තමා දන්නේයයි නොකියන්නේය. (ධර්‍මය දන්නා තැනැත්තේද, අර්ත්‍ථය දන්නා තැනැත්තේද, තමා දන්නා තැනැත්තේද මෙසේය.)
’’ප්‍රමාණය දන්නා තැනැත්තේ කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව (2) සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර පිළිගැනීමේ ප්‍රමාණය (3) දනීද, මහණෙනි, ඉදින් භික්‍ෂුව සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර පිළිගැනීමේ ප්‍රමාණය නොදන්නේද, මේ ශාසනයෙහි ප්‍රමාණය දන්නායයි නොකියන්නේය. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව ’ සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර පිළිගැනීමේ ප්‍රමාණය දන්නේද, එහෙයින් ප්‍රමාණය දන්නායයි කියනු ලැබේ. (ධර්‍මය දන්නා, අර්ත්‍ථය දන්නා, තමා දන්නා, ප්‍රමාණය දන්නාද මෙසේය.)
’’කාලය දන්නා කෙසේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව (2) උදෙසීමට, (ඉගෙනීමට) මේ කාලය වේ. ප්‍රශ්න කිරීමට මේ කාලය වේ. භාවනාවට මේ කාලය වේ. විවේක වාසයට මේ කාලය වේ යයි (3) කාලය දනීද, ඉදින් භික්‍ෂුව උදෙසීමට, (ඉගෙනීමට) මේ කාලය වේ. ප්‍රශ්න කිරීමට මේ කාලය වේ. භාවනාවට මේ කාලය වේ. විවේක වාසයට මේ කාලය වේ යයි නොදන්නේද, මේ ශාසනයෙහි කාලය දන්නායයි නොකියන්නේය. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව උදෙසීමට, (ඉගෙනීමට) මේ කාලය වේ. ප්‍රශ්න කිරීමට මේ කාලය වේ. භාවනාවට මේ කාලය වේ. විවේක වාසයට මේ කාලය වේ යයි දනීද, එහෙයින් මේ කාලය දන්නායයි කියනු ලැබේ. ධර්‍මය දන්නා, අර්ත්‍ථය දන්නා, තමා දන්නා, ප්‍රමාණය දන්නා කාලය දන්නාද මෙසේවේ.
’’පිරිස ගැන දන්නා කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව (2) මේ ක්‍ෂත්‍රිය පිරිසය, මේ බ්‍රාහ්මණ පිරිසය, මේ ගෘහපති පිරිසය, මේ ශ්‍රමණ පිරිසය. එහි මෙසේ එළඹිය යුතුයි. මෙසේ සිටිය යුතුයි. මෙසේ (කටයුතු) කළ යුතුය. මෙසේ හිඳගත යුතුය. මෙසේ කථා කළ යුතුය. මෙසේ කථා නොකළ යුතුයයි (3) පිරිස ගැන දන්නේද, මහණෙනි, භික්‍ෂුව මේ ක්‍ෂත්‍රිය පිරිසය, මේ බ්‍රාහ්මණ පිරිසය, මේ ගෘහපති පිරිසය, මේ ශ්‍රමණ පිරිසය. එහි මෙසේ එළඹිය යුතුයි. මෙසේ සිටිය යුතුයි. මෙසේ (කටයුතු) කළ යුතුය. මෙසේ හිඳගත යුතුය. මෙසේ කථා කළ යුතුය. මෙසේ කථා නොකළ යුතුයයි පිරිස ගැන නොදන්නේ නම් මේ ශාසනයෙහි පිරිස ගැන දන්නායයි නොකියනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව මේ ක්‍ෂත්‍රිය පිරිසය, මේ බ්‍රාහ්මණ පිරිසය, මේ ගෘහපති පිරිසය, මේ ශ්‍රමණ පිරිසය. එහි මෙසේ එළඹිය යුතුයි. මෙසේ සිටිය යුතුයි. මෙසේ (කටයුතු) කළ යුතුය. මෙසේ හිඳගත යුතුය. මෙසේ කථා කළ යුතුය. මෙසේ කථා නොකළ යුතුයයි එහෙයින් වනාහි පිරිස දන්නායයි කියනු ලැබේ. (ධර්‍මය දන්නා, අර්ත්‍ථය දන්නා, තමා දන්නා, ප්‍රමාණය දන්නා, කාලය දන්නා පිරිස දන්නාද මෙසේය.)
’’උතුම් පුද්ගලයන් දන්නා කවරෙක් වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව විසින් කරුණු දෙකකින් පුද්ගලයෝ දැනගන්නා ලද්දාහු වෙත්. එක් පුද්ගලයෙක් ආර්‍ය්‍ය යන් වහන්සේලා දකිණු කැමතිවේද, එක් පුද්ගලයෙක් ආර්‍ය්‍යයන් වහන්සේලා නොදකිනු කැමතිවේද මේ පුද්ගලයෝ දෙදෙනෙකි. යම් ඒ පුද්ගලයෙක් ආර්‍ය්‍යයන් වහන්සේලා නොදකිනු කැමති වේද. මෙසේ හෙතෙම ඒ ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් ආර්‍ය්‍යයන් වහන්සේලා දකිණු කැමති වේද, මෙසේ හෙතෙම ඒ ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.
’’ ආර්‍ය්‍යයන් වහන්සේලා දකිණු කැමති පුද්ගලයෝ දෙදෙනෙකි. එක් පුද්ගලයෙක් සද්ධර්‍ම ශ්‍රවණයට කැමති වෙයි. එක් පුද්ගලයෙක් සද්ධර්‍ම ශ්‍රවණයට අකමැති වෙයි. යම් ඒ පුද්ගලයෙක් සද්ධර්‍ම ශ්‍රවණයට අකමැති වේද, මෙසේ හෙතෙම ඒ ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් බණ අසනු කැමතිවේද, හෙතෙම ඒ ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුයි.
’’බණ අසන පුද්ගලයෝ දෙදෙනෙක් වෙති. එක් පුද්ගලයෙක් කන් නමා බණ අසයි. එක් පුද්ගලයෙක් කන් නොනමා බණ අසයි. යම් ඒ පුද්ගලයෙක් කන් නොනමා බණ අසාද, හෙතෙම ඒ ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් කන් නමා බණ අසාද, හෙතෙම ඒ ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.
’’පුද්ගලයෝ දෙදෙනෙක් කන් නමා බණ අසති. එක් පුද්ගලයෙක් අසා (සිතේ) දරාගනියි. එක් පුද්ගලයෙක් අසා (සිතේ) දරා නොගනියි. යම් ඒ පුද්ගලයෙක් බණ අසා සිතේ දරා නොගනීද, මෙසේ හෙතෙම ඒ ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් බණ අසා සිතේ දරාගනීද, හෙතෙම ඒ ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.
’’පුද්ගලයෝ දෙදෙනෙක් බණ අසා සිතේ දරා ගනිත්. එක් පුද්ගලයෙක් දරණ ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂාකර බලයි. එක් පුද්ගලයෙක් දරණ ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂාකර නොබලයි. යම් ඒ පුද්ගලයෙක් දරණ ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂාකර නොබලයිද, මෙසේ හෙතෙම ඒ ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් දරණ ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂාකර බලයිද, හෙතෙම ඒ ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.
’’ පුද්ගලයෝ දෙදෙනක් දරණ ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථ පරීක්‍ෂාකර බලත්. එක් පුද්ගලයෙක් අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වුයේ වෙයි. එක් පුද්ගලයෙක් අර්ත්‍ථය නොමදැන, ධර්‍මය නොමදැන, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වුයේ වෙයි. එක් පුද්ගලයෙක් අර්ත්‍ථය නොමදැන, ධර්‍මය නොමදැන, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වුයේද, හෙතෙම ඒ ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වුයේද, හෙතෙම ඒ ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.
’’පුද්ගලයෝ දෙදෙනෙක් අර්ත්‍ථය දැන, ධර්‍මය දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වෙති. එක් පුද්ගලයෙක් තමාගේ හිත පිණිස පිළිපන්නේ අනුන්ගේ හිත පිණිස පිළිපන්නේ නොවේ.
’’එක් පුද්ගලයෙක් තමාගේ හිත පිණිසද, අනුන්ගේ හිත පිණිසද පිළිපන්නේ වේ. යම් ඒ පුද්ගලයෙක් තමාගේ හිත පිණිස පිළිපන්නේ අනුන්ගේ හිත පිණිස පිළිනොපන්නේ වේද, මෙසේ හෙතෙම ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් තමාගේ හිත පිණිසද, අනුන්ගේ හිත පිණිසද පිළිපන්නේ වේද, හෙතෙම ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.
’’මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුව විසින් කරුණු දෙකකින් පුද්ගලයෝ හැඳින ගන්නා ලද්දාහු වෙති. මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුව යහපත් පුද්ගලයන් ඇඳින ගන්නේ වෙයි.
’’මහණෙනි, ධර්‍ම සතකින් යුත් භික්‍ෂුව පූජාවට යෝග්‍ය වේ. මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම (2) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා (3) දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි (4) සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි.