මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
2. අනුපද වර්ගය
116. ඉසිගිලි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතයෙහි වැඩ වසනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීනි”යී ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තෙපි මේ වේහාර පර්වතය දකිව්ද?” “එසේය ස්වාමීනි,”
මහණෙනි, මේ වේහාර පර්වතයටද (එම නාම ව්‍යවහාරයට පෙර) අනික් නමක්ම විය. අනික් ව්‍යවහාරයක්ම විය.
“මහණෙනි, තෙපි මේ පාණ්ඩව පර්වතය දකිව්ද?” “එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ පාණ්ඩව පර්වතයටද පෙර අනික් නමක් විය. අනික් ව්‍යවහාරයක්ම විය.
“මහණෙනි, තෙපි මේ වෙපුල්ල පර්වතය දකිව්ද?” “එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ වෙපුල්ල පර්වතයටද පෙර අනික් නමක් විය. අනික් ව්‍යවහාරයක්ම විය.
“මහණෙනි, තෙපි මේ ගිජ්ඣකුට පර්වතය දකිව්ද?” “එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ ගිජ්ඣකූට පර්වතයටද පෙර අනික් නමක්ම විය. අනික් ව්‍යවහාරයක්ම විය.
“මහණෙනි, තෙපි මේ ඉසිගිලි පර්වතය දකිව්ද?” “එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ ඉසිගිලි පර්වතයට වනාහි (මීට පෙරද) මෙම නමම විය. මේ ව්‍යවහාරයම විය.
“මහණෙනි, පෙරවූ දෙයක් කියමි. පන්සියයක් පසේ බුදු වරයෝ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කාලයක් වැඩ විසූහ. මෙම පර්වතයට පැමිණෙන්නාවූ උන්වහන්සේලා දක්නා ලැබෙත්. පැමිණියාවූ උන්වහන්සේලා දක්නා නොලැබෙත්.
“මනුෂ්‍යයෝ ඒ කාරණය දැක ‘මේ පර්වතය තෙම මේ ඍෂීන් ගිල ගන්නේයයි’ කීහ. ඒ කාරණයෙන් ‘ඉසිගිලි’ ඉසිගිලි’ යන නම පහළ විය.
“මහණෙනි, (ඒ) පසේ බුදුවරයන්ගේ නම් කියන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයන්ගේ නම් ප්‍රකාශ කරන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයන්ගේ නම් දෙශනා කරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළසේක.
“එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ‘අරිට්ඨ’ නම් පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසූයේය. මහණෙනි, ‘උපරිට්ඨ’ නම් පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසූයේය. මහණෙනි, ‘තගරසිඛී’ නම් පසේ බුදු තෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘යසස්සී’ නම් පසේබුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘සුදස්සන’ නම් පසේ බුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය.
“මහණෙනි, ‘පියදස්සී’ නම් පසේබුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘ගන්ධාර’ නම් පසේබුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘පිණ්ඩොල’ නම් පසේ බුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘උපාසභ’ නම් පසේබුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘නීත’ නම් පසේ බුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘තථ’ නම් පසේබුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘සුතවා’ නම් පසේබුදු තෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘භාවිතත්ත’ නම් පසේබුදුතෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය, යනුයි.
“සත්වයන් අතුරෙන් සාරවූ දුක් නැති කළාවූ තෘෂ්ණාව ක්ෂය කළාවූ යහපත් ප්‍රත්‍යෙකබොධියට පැමිණියාවූ ඒ කෙලෙස් හුල් උදුරා දැමූ මිනිසුන්ට උත්තමවූ පසේබුදුවරයන් වහන්සේලාගේ නම් මා විසින් කියනු ලැබේ. එය අසව්.
අරිට්ඨ නම් පසේබුදුය, උපරිට්ඨ නම් පසේබුදුය, තගරසිඛී නම්පසේබුදුය, යසස්සී නම් පසේබුදුය, සුදස්සන නම් පසේබුදුය, පියදස්සී නම් පසේබුදුය, ගන්ධාර නම් පසේබුදුය, පිණ්ඩොල නම් පසේබුදුය, උපාසභය නම් පසේබුදුය, නීත නම් පසේබුදුය, තථ නම් පසේබුදුය, සුතවා නම් පසේබුදුය, භාවිතත්ත නම් පසේබුදුය, සුම්භ නම් පසේබුදුය, සුභ නම් පසේබුදුය, වෙථුල නම් පසේබුදුය, අඨම නම් පසේබුදුය, මෙඝ නම් පසේබුදුය, අනීග නම් පසේබුදුය, සුදාඨ නම් පසේබුදුය, හිංගුල නම් *පසේබුදුය, හිංගය නම් පසේබුදුය, යන මොවුහු මනානුභාව ඇති භව ගමන වැළකූ පසේබුදුවරයෝ වෙති.
“චුල්ලජාලී මහාජාලී නම් පසේබුදුවරු දෙනමය, අඨක නම් පසේබුදුය, කොසල නම් පසේබුදුය, සුබාහු නම් පසේබුදුය, උපනෙමිස නම් පසේබුදුය, නෙමිස නම් පසේබුදුය, සන්තචිත්ත නම් පසේබුදුය, සච්ච නම් පසේබුදුය, තථ නම් පසේබුදුය, විරජ නම් පසේබුදුය, පණ්ඩිත නම් පසේබුදුය, කාල නම් පසේබුදුය, උපකාල නම් පසේබුදුය, විජිත නම් පසේබුදුය, ජිත නම් පසේබුදුය, අංග නම් පසේබුදුය, පංග නම් පසේබුදුය, භුතිජ්ජිත නම් පසේබුදුය.
දුකට මුල්වූ ක්ලෙශ නැතිකළාවූ විපස්සී නම් පසේ බුදුය, මාරබල ජය ගත් අපරාජිත නම් පසේබුදුය, යන මුන් වහන්සේද, සත්ථා නම් පසේබුදුය, පවත්තා නම් පසේබුදුය, සරභංග නම් පසේබුදුය, ලොමහංස නම් පසේබුදුය, උච්චංගමාය නම් පසේබුදුය. අසිත නම් පසේබුදුය, අනාසව නම් පසේබුදුය, මනොමය නම් පසේබුදුය. මානච්ඡිද නම් පසේබුදුය, බන්ධූමා නම් පසේබුදුය, තදධීමුත්ත නම් පසේබුදුය, විමලනම් පසේබුදුය, කෙතුමා නම් පසේබුදුය, කෙතුම්බ රාග නම් පසේබුදුය, මාතංග නම් පසේබුදුය, අරිය නම් පසේබුදුය, අච්චුත නම් පසේබුදුය, අච්චුතගාම නම් පසේබුදුය, බ්‍යාමක නම් පසේබුදුය, සුමංගල නම් පසේබුදුය, දබ්බිල නම් පසේබුදුය, සුප්පතිඨිතනම් පසේබුදුය, අසය්හනම් පසේබුදුය, ඛෙමාභිරත නම් පසේබුදුය, සොරතනම් පසේබුදුය, දුරන්නය නම් පසේබුදුය, සංඝ නම් පසේබුදුය උච්චය නම් පසේබුදුය, සය්හ නම් පසේබුදුය, අනොමනික්කම නම් පසේබුදුය, යන මොවුහුද, ආනන්ද නම් පසේබුදුය, නන්ද නම් පසේබුදුය උපනන්ද නම් පසේ බුදුය, යන මේ එක නමින් සතර දෙන බැගින් දොළොස් නමක්ද, භාරද්වාජ නම් බුද්ධතෙමේද, බොධි නම් පසේබුදුය, මහානාම නම් පසේබුදුය, උත්තර නම් පසේබුදුය, කෙසි නම් පසේබුදුය, සිඛි නම් පසේබුදුය, සුන්දර නම් පසේබුදුය, භාරද්වාජ නම් පසේබුදුය, තිස්ස නම් පසේබුදුය, උපතිස්ස නම් පසේබුදුය, යන භව බැඳුම් සුන් කළ පසේබුදුවරයෝද, තෘෂ්ණාව ක්ෂය කළ උපසීදරී නම් පසේබුදුතෙමේද, සීදරී නම් පසේබුදුතෙමේද, වීතරාගීවූ මංගල නම් පසේබුදුරජතෙමේද, විය.
“දුකට මුල්වූ තෘෂ්ණාව සිඳි උසභ නම් පසේබුදු තෙමේද, ශාන්ත පදයට පැමිණි උපනීත නම් පසේබුදු තෙමේද, උපොසථ නම් පසේබුදුය, සුන්දර නම් පසේ බුදුය, සච්චනාම නම් පසේබුදුය, ජෙත නම් පසේබුදුය, ජයන්ත නම් පසේබුදුය, පදුම නම් පසේබුදුය, උප්පල නම් පසේබුදුය, පදුමුත්තර නම් පසේබුදුය, රක්ඛිත නම් පසේබුදුය, පබ්බත නම් පසේබුදුය, මානත්ථද්ධ නම් පසේබුදුය, වීතරාග නම් පසේබුදුය, යන මොහුද, මැනවින් මිදුනු සිත් ඇති කණ්හ නම් පසේබුදු තෙමේද, යන භව ගමන වැළැක්වූ මහත් ආනුභාව ඇති සියළු කෙලෙස් බැඳුම් සිඳදැමූ මහර්ෂිවූ පිරිනිවණට පැමිණි මේ පසේබුදුවරයන් වහන්සේලාද, අන්‍යවූ අප්‍රමාණ පසේබුදුවරයන් වහන්සේලාද වඳිව්.”
සයවැනි ඉසිගිලි සූත්‍රය නිමි. (2-6)