සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
11. යොගක්ඛෙමි වර්‍ගය
1. යොගක්ඛෙමි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, සතර යෝගයන්ගෙන් පැමිණෙන භය දුරුවීමට කරුණුවූ ධර්‍මකාරණය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතර යෝගයන්ගෙන් පැමිණෙන භය දුරුවීමට කරුණුවූ ධර්‍මකාරණය කවරේද?
’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ රූපයෝ ඇත්තාහ. ඒ රූපයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’යයි කියනු ලැබේ.
’’මහණෙනි, සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ශබ්දයෝ ඇත්තාහ. ඒ ශබ්දයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’යයි කියනු ලැබේ.
’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඒ ගන්‍ධයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’යයි කියනු ලැබේ.
’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ රසයෝ ඇත්තාහ. ඒ රසයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’ යයි කියනු ලැබේ.
’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඒ ස්පර්‍ශයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’ යයි කියනු ලැබේ.
’’මහණෙනි, මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ධර්‍මයෝ ඇත්තාහ. ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’ යයි කියනු ලැබේ.
’’මහණෙනි, මේ වනාහි සතර යොගයන්ගෙන් පැමිණෙන භය දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මකාරණය වේයයි වදාළ සේක.