අංගුත්තර නිකාය

එක නිපාතය

22. එකධර්මද්ධ්‍යාන වර්ගය

394

පඨමජ්ඣාන අච්ඡරාසංඝාතා සූත්‍රය—1. “මහණෙනි, ඉදින් මහණතෙම අසුර ගසන කලක් පමණවත්

2 “ප්‍රථමධ්‍යානය වඩාද?

3. “මහණෙනි මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන පිණ්ඩ භෝජනය (ප්‍රයෝජන ඇතිවනසේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?”

395–574

(395–574 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද මෙනි)

දුතියජ්ඣාන අච්ඡරා සංඝාත සූත්‍රය:—“2 ද්විතීයද්ධ්‍යාන සමාපත්තිය වඩයිද,

තතියජ්ඣාන අච්ඡරා සංඝාත සූත්‍රය:—“2 තෘතීය ධ්‍යානය වඩයිද,

චතූත්ථජ්ඣාන අච්ඡරා සංඝාත සූත්‍රය:—“2 චතුර්ථ ධ්‍යානය වඩයිද,

මෙත්තා චෙතො විමුත්ති සූත්‍රය:—“2 මෛත්‍රී සහගත චිත්ත විමුක්තිය වඩයිද,

කරුණා චෙතො විමුත්ති සූත්‍රය:—“2 කරුණා සහගත චෙතො විමුක්තිය වඩයිද,

මුදිතා චෙතො විමුත්ති සූත්‍රය:—“2 මුදිතා සහගත චෙතො විමුක්තිය වඩයිද,

උපෙක්ඛා චෙතො විමුත්ති සූත්‍රය:—“2 උපෙක්ෂා සහගත චෙතො විමුක්තිය වඩයිද,

2 “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සම්‍යක් ප්‍රඥාව ඇත්තේ ස්මෘතිමත්වූයේ, ලොකයෙහි තෘෂ්ණාව හා (ක්‍රොධය සමග පවත්නා) දොම්නසද යන මේ පාප ධර්මයන් සංසිඳුවාද, කයෙහි ඇති කෙශාදි අශුභයන් කය අනුව බලමින් වාසය කෙරේද,

වෙදනානුපස්සී සූත්‍රය:—“2 වෙදනාවන් කෙරෙහි වෙදනාවන් අනුව බලමින් වාසය කෙරේද,

චිත්තානුපස්සී සූත්‍රය:—“2 සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කෙරේද,

ධම්මානුපස්සී සූත්‍රය:—“2 ධර්මයන් කෙරෙහි ඒ ධර්මය අනුව බලමින් වාසය කෙරේද,

පඨමසම්මප්පධාන සූත්‍රය:—“2 නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස යහපත්වූ කැමැත්ත උපදවාද, වෑයම් කෙරේද, වීර්‍ය්‍යය කෙරේද, සිත ඔසවාද, (සම්‍යක්) ප්‍රධාන වීර්‍ය්‍යය කෙරේද,

දුතිය සම්මප්පධාන සූත්‍රය:—“2 උපන්නාවූ ලාමක අකුශල ධර්මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවාද, ව්‍යායාම කෙරේද, වීර්‍ය්‍යය කෙරේද, සිත ඔසවාද (සම්‍යක්) ප්‍රධාන වීර්‍ය්‍යය කෙරේද,

තතිය සම්මප්පධාන සූත්‍රය—“2 නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස (යහපත් කැමැත්ත) උපදවාද, උත්සාහ කෙරේද, වීර්‍ය්‍යය කෙරේද, (එයින්) සිත ඔසවාද, (සම්‍යක්) ප්‍රධාන වීර්‍ය්‍යය කෙරේද,

චතුත්ථසම්මප්පධාන සූත්‍රය—“2 උපන්නාවූ කුසල ධර්මයන්ගේ (පැවැත්ම) පිණිස, විනාශනොවීම පිණිස, බහුල භාවය පිණිස, විපුලභාවය පිණිස, වැඩීමෙන් සම්පූර්ණත්වය (ඇතිවන) පිණිස, කුශලච්ඡන්දය උපදවයිද, ව්‍යායාම කෙරේද, වීර්‍ය්‍යයකෙරේද (එයින්) සිත ඔසවාද, ප්‍රධාන වීර්‍ය්‍යය කෙරේද,

ඡන්දිද්ධිපාද අච්ඡරාසංඝාත සූත්‍රය—“2 කුසල් කරනු කැමැත්ත නිසා ලබන ලද සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩාද,

විරියිද්ධිපාද අච්ඡරාසංඝාත සූත්‍රය:—“2 වීර්‍ය්‍යසමාධිය හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද,

චිත්තිද්ධිපාද අච්ඡරාසංඝාත සූත්‍රය:—“2 චිත්තසමාධිය හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද,

වීමංසිද්ධිපාද අච්ඡරා සංඝාත සූත්‍රය:—“2 වීමංසාව (විචාරණ ප්‍රඥාව) අධිපතිකොට පැවති සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද,

සද්ධින්ද්‍රිය අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සතින්ද්‍රිය වඩාද,

විරියින්ද්‍රිය අච්ඡරා සංඝාත සූත්‍රය—“2 විරියින්ද්‍රිය වඩාද,

සතින්ද්‍රිය අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සතින්ද්‍රිය වඩාද,

සමාධින්ද්‍රිය අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සමාධින්ද්‍රියවඩාද,

පඤ්ඤින්ද්‍රිය අච්ඡරා සංඝාත සූත්‍රය—“2 ප්‍රඥෙන්ද්‍රියවඩාද,

සද්ධාබල අච්ඡරා සංඝාත සූත්‍රය—“2 ශ්‍රද්ධා බලය වඩාද,

වීරියබල අච්ඡරා සංඝාත සූත්‍රය—“2 වීර්‍ය්‍ය බලය වඩාද,

සතිබල අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සති (නුමුළාවූ සිහි)

බලය වඩාද, 29. සමාධිබල අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සමාධි බලය වඩාද,

පඤ්ඤාබල අච්ඡරා සංඝාත සූත්‍රය—“2 ප්‍රඥාබලය වඩාද,

සති සම්බොජ්ඣංගසූත්‍රය—“2 ස්මෘතිසම්බොද්ධ්‍යංගය (සත්‍යාවබොධයට හේතුවන එළඹසිටි සිහිය) වඩාද,

ධම්මවීචය සම්බොජ්ඣංග සූත්‍රය—“2 ධර්මවිචය සම්බොජ්ඣංගය (සත්‍යාවබොධය පිණිස ප්‍රඥා ධර්මයන්ගේ සෙවීම) වඩාද,

විරිය සම්බොජ්ඣංග සූත්‍රය—“2 විරිය සම්බොජ්ඣංගය (සත්‍යාවබොධය) පිණිස ශූරභාවය වඩාද,

පීති සම්බොජ්ඣංග සූත්‍රය—“2 ප්‍රීති සම්බොජ්ඣංගය (සත්‍යාවබොධය පිණිස කය සිත පිණවීම) වඩාද,

පස්සද්ධි සම්බොජ්ඣංග සූත්‍රය—“2 ප්‍රශ්‍රබ්ධි සම්බොජ්ඣංගය (සත්‍යාවබොධය පිණිස කය හා සිතෙහි ක්ලෙශදාහය සංසිඳවීම) වඩාද,

සමාධි සම්බොජ්ඣංග සූත්‍රය—“2 සමාධිසම්බොධ්‍යංගය (සත්‍යාවබොධය පිණිස කය හා සිත මනාකොට පිහිටුවීම) වඩාද,

උපෙක්ඛා සම්බොජ්ඣංග සූත්‍රය—“2 උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය (සත්‍යාවබොධය පිණිස ඉෂ්ටානිෂ්ටයන් කෙරෙහි මද්ධ්‍යස්ථතාව) වඩාද,

සම්මාදිට්ඨි අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් දෘෂ්ටිය වඩාද,

සම්මාසංකප්ප අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් සංකල්පය (යහපත්සේ කල්පනාව) වඩාද,

සම්මාවාචා අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් වචනය වඩාද,

සම්මා කම්මන්ත අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් කර්මාන්තය වඩාද,

සම්මා ආජීව අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් ආජීවය (යහපත් දිවිපැවැත්ම) වඩාද,

සම්මාවායාම අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් ව්‍යායාමය වඩාද,

සම්මා සති අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් සතිය වඩාද,

සම්මා සමාධි අච්ඡරා සංඝාත සූත්‍රය—“2 සම්‍යක් සමාධිය වඩාද,

පඨම අභිභායතන සූත්‍රය—“2 (ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා ඇත්තේ පිටත්හිවූ නොවැඩුනාවූ යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන් බව දනිමි දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද,

දුතිය අභිභායතන සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ අප්‍රමාණවූ (වැඩීමෙන් මහත්වූ) යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන් බව දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද,

තතිය අභිභායතන සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ (අරූපධ්‍යාන හෙවත් අරූප සඥා ඇත්තේ) පිටත්හිවූ නොවැඩුනාවූ යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් (මැඩපවත්වා ධ්‍යානය උපන්බව දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද,

චතුර්ථ අභිභායතන සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි අරූපයන් ඇත යන සංඥා ඇත්තේ පිටත්හිවූ වැඩීමෙන් මහත්වූ යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන්බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද,

පඤ්චම අභිභායතන සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ නිල්වූ නීලවර්ණ ඇත්තාවූ නීලවර්ණ දැක්විය හැක්කාවූ නීලාවභාස (නීලකාන්තිය) ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන්බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද,

ජට්ඨම අභිභායතන සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ රන්වන් පැහැය ඇති, රන්වන්පාට ඇත්තාවූ, එකහෙලා පීතවර්ණවූ දැකුම් ඇත්තාවූ පීතවර්ණාවභාෂ (පීතකාන්ති) ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් අභිභවනය කොට (මැඩපවත්වා ධ්‍යානය උපන්බව) දනිමි. දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද,

සත්තම අභිභායතන සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ ලෙහෙවන්වූ, රතුපාට ඇති එකහෙලා රත්පාට දැකුම් ඇති, රතුකාන්ති ඇති රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන් බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද,

අට්ඨම අභිභායතන සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි අරූපයන් ඇත යන සංඥා ඇත්තේ පිටත්හිවූ සුදුවූ, සුදුපැහැ ඇති, එකහෙලා සුදුපැහැ දැකුම් ඇති සුදුපාට කාන්ති ඇති රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන් බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද, රූපාවචර ධ්‍යාන ඇත්තේ (පිටත උපන්) රූපයන් දකීද,

සුභාධිමුත්ත සූත්‍රය—“2 ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ රූපයන් දකීද, සුභයයි කියාම නිශ්චයකිරීම් ඇත්තේ වේද,

ආකාසාණඤ්චායතන සූත්‍රය—“2 සර්වප්‍රකාරයෙන් රූපයන් ඇතැයි යන සංඥාවන් මනාසේ බැහැරලීමෙන්, ක්‍රොධ සංඥාවන් නැසීමෙන්, නොයෙක් ස්වභාවික සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, අහස අනන්තයයි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කෙරේද,

විඤ්ඤාණඤ්චායතන සූත්‍රය—“2 සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය මනාසේ ඉක්මවා විඥානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කෙරේද,

ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය—“2 සර්වප්‍රකාරයෙන් විඤ්ඤානඤ්චායතන සමාපත්තිය මනාසේ ඉක්මවා ඒ පිළිබඳ කිසි පිළිබොධයක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කෙරේද

නෙවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය—“2 සර්වප්‍රකාරයෙන් අකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන (විඤ්ඤාණය ඇත්තේද නැත්තේදැයි කියන පමණවූ) සමාපත්තියට පැමිණ වාසය කෙරේද,

සඤ්ඤාවේදයිත නිරෝධ සූත්‍රය—“2 සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා (චිත්ත චෛතසිකයන්ගේ නොහොත් සංඥා වේදනාවන්ගේ නොපැවැත්මවූ) සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කෙරේද

පඨවි කසිණ සූත්‍රය:—“2 පෘථිවී කසිණය වඩාද,

ආපො කසිණ සූත්‍රය:—“2 ආපොකසිණය වඩාද,

තෙජො කසිණ සූත්‍රය:—“2 තෙජොකසිණය වඩාද,

වායො කසිණ සූත්‍රය:—“2 වායොකසිණය වඩාද,

නීල කසිණ සූත්‍රය:—“2 නීලකසිණය වඩාද,

පීත කසිණ සූත්‍රය:—“2 පීත (රන්වන් පැහැති) කසිණය

වඩාද,

ලොහිත කසිණ සූත්‍රය:—“2 ලොහිත (ලෙහෙවන් පැහැති) කසිණය වඩාද,

ඔදාත කසිණ සූත්‍රය:—“2 ඔදාත (සුදුපැහැති) කසිණය වඩාද,

ආකාස කසිණ සූත්‍රය:—“2 ආකාස කසිණය වඩාද,

විඤ්ඤාණ කසිණ සූත්‍රය:—“2 විඤ්ඤාණකසිණය වඩාද,

්* ආලොක කසිණ සූත්‍රය:—“2 ආලොක කසිණය වඩාද

අසුභසඤ්ඤා සූත්‍රය:—“2 අසුභ සංඥාව වඩාද,

මරණසඤ්ඤා සූත්‍රය:—“2 මරණසඤ්ඤාව වඩාද,

පටිකකූලසඤ්ඤා සූත්‍රය:—“2 ආහාරයෙහි පිළිකුල් සඤ්ඤාව වඩාද,

අනභිරතසඤ්ඤා සූත්‍රය:—“2 නොඇලීම් සංඥාව (කලකිරීම) වඩාද,

අනිච්චසඤ්ඤා සූත්‍රය:—“2 (පඤ්චස්කන්ධය) අනිත්‍යය යන සංඥාව වඩාද,

දුක්ඛසඤ්ඤා සූත්‍රය:—“2 අනිත්‍යවූ ස්කන්ධපඤ්චකයෙහි දුක යන සංඥාව වඩාද,

අනත්තසඤ්ඤා සූත්‍රය:—“2 දුක්වූ ස්කන්ධ පඤ්චකයෙහි

අනාත්ම සංඥාව වඩාද,

පහාණසඤ්ඤා සූත්‍රය:—“2 ප්‍රහාණ සංඥාව වඩාද,

විරාගසඤ්ඤා සූත්‍රය:—“2 චිරාග සංඥාව වඩාද,

නිරොධසඤ්ඤා සූත්‍රය:—“2 නිර්වාණය අරමුණුකොට

උපන් නිරොධසඤ්ඤාව වඩාද,

පඨමජ්ඣාන අනිච්ච සඤ්ඤා සූත්‍රය:—“2 අනිත්‍ය සංඥාව වඩාද,

පඨමජ්ඣාන අනත්ත සූත්‍රය:—“2 අනාත්මයක් නැතැයි යන සංඥාව වඩාද,

පඨමජ්ඣාන මරණ සඤ්ඤා සූත්‍රය:—“2 මරණ සංඥාව වඩාද,

පඨමජ්ඣාන පටික්කූල සඤ්ඤා සූත්‍රය:—“ආහාරයෙහි පිළිකුල් සංඥාව වඩාද,

පඨමජ්ඣාන අනභිරත සඤ්ඤා සූත්‍රය:—“සියලු ලොකයෙහි කලකිරීම් සංඥාව වඩාද,

පඨමජ්ඣාන අට්ඨික සඤ්ඤා සූත්‍රය:—“(ශරීරය) ඇටසැකිල්ලෙක යන දෘෂ්ඨික සංඥාව වඩාද,

පඨමජ්ඣාන පුළවක සඤ්ඤා සූත්‍රය:—“(පණුවන් ගෙන් මිශ්‍රය යන) පුළවක සංඥාව වඩාද,

පඨමජ්ඣාන විනීලක සඤ්ඤා සූත්‍රය:—“(මළ පසු විශෙෂයෙන් නිල්වගිය ශරීරය අරමුණුකොට උපන්) විනීලක සංඥාව වඩාද,

පඨමජ්ඣාන විච්ඡිද්දක සඤ්ඤා සූත්‍රය:—“(මළ පසු විශෙෂයෙන් හටගත් සිදුරු ඇති සිරුර අරමුණුකොට උපන්) විච්ඡිද්‍රක සංඥාව වඩාද,

පඨමජ්ඣාන උද්ධුමාතක සඤ්ඤා සූත්‍රය:—“(මළ පසු ඉදිමී ගිය ශරීරය අරමුණුකොට උපන්) උද්ධුමාතක සංඥාව වඩාද,

පඨමජ්ඣාන බුද්ධානුස්සති සූත්‍රය:—“බුදුගුණ අරමුණු කොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන ධම්මානුස්සති සූත්‍රය:—“දහම් ගුණ අරමුණුකොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන සංඝානුස්සති සූත්‍රය:—“සඟ ගුණ අරමුණු කොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන සීලානුස්සති සූත්‍රය:—“ශීල ගුණය අරමුණුකොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන චාගානුස්සති සූත්‍රය:—“ත්‍යාග ගුණය අරමුණුකොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන දෙවතානුස්සති සූත්‍රය:—“දෙවතාවන් සාක්ෂි ස්ථානයෙහි තබා තමන්ගේ ශ්‍රද්ධාදී ගුණයන් අරමුණු කොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන ආණාපාණසති සූත්‍රය—“ආශ්වාස ප්‍රශ්වාසය අරමුණුකොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන මරණසති සූත්‍රය:—“මරණය අරමුණු කොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන කායගතාසති සූත්‍රය:—“කෙසාදී කාය කොට්ඨාශයන් අරමුණුකොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන උපසමානුස්සති සූත්‍රය:—“ කෙලෙසුන් සංසිඳීම අරමුණුකොට උපන් සිහිය වඩාද,

පඨමජ්ඣාන සද්ධින්ද්‍රිය සූත්‍රය:—“ප්‍රථමධ්‍යානය සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද,

පඨමජ්ඣාන විරියින්ද්‍රිය සූත්‍රය:—“වීය්‍යෙ_න්ද්‍රිය වඩාද,

පඨමජ්ඣාන සතින්ද්‍රිය සූත්‍රය:—“සතින්ද්‍රිය වඩාද

පඨමජ්ඣාන සමාධින්ද්‍රිය සූත්‍රය:—“සමාධින්ද්‍රිය වඩාද

පඨමජ්ඣාන පඤ්ඤින්ද්‍රිය සූත්‍රය:—“පඤ්ඤින්ද්‍රිය වඩාද,

පඨමජ්ඣාන සද්ධාබල සූත්‍රය:—“ශ්‍රද්ධාබලය වඩාද,

පඨමජ්ඣාන විරියබල සූත්‍රය:—“වීර්‍ය්‍යබලය වඩාද,

පඨමජ්ඣාන සතිබල සූත්‍රය:—“ස්මෘතිබලය වඩාද,

පඨමජ්ඣාන සමාධිබල සූත්‍රය:—“සමාධිබලය වඩාද,

පඨමජ්ඣාන පඤ්ඤාබල සූත්‍රය:—“ප්‍රඥාබලය වඩාද,

දුතියජ්ඣාන අනිච්චසඤ්ඤා සූත්‍රය:—“ද්විතීය ධ්‍යානය සමග පැවැත්තාවූ,

දුතියජ්ඣාන අනත්ත සඤ්ඤා සූත්‍රය:—“තෘතීය ධ්‍යානය සමග පැවැත්තාවූ,

යථාපඨමජ්ඣානෙ යාච පඤ්ඤාබල සූත්‍රය:—

“යොජෙ තබ්බං චතුර්ථධ්‍යානය සමග පැවැත්තාවූ

මෛත්‍රිය සමග පැවැත්තාවූ

කරුණාව සමග පැවැත්තාවූ

මුදිතාව සමග පැවැත්තාවූ

උපෙක්ෂාව සමග පැවැත්තාවූ

ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද,

වීය්‍යෙ_න්ද්‍රිය වඩාද,

සතින්ද්‍රිය වඩාද,

සමාධින්ද්‍රිය වඩාද,

පඤ්ඤින්ද්‍රිය වඩාද,

ශ්‍රද්ධා බලය වඩාද,

වීර්‍ය්‍ය බලය වඩාද,

ස්මෘති බලය වඩාද,

සමාධි බලය වඩාද,

ප්‍රඥාබලය වඩාද,