අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(13) 3. පරිසුද්‍ධ වර්‍ගය
11. දසසම්මත්ත සූත්‍රය
’’මහණෙනි, මේ සත්‍ය දහයක් වෙත්.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. ’’මහණෙනි, මේ දශය සත්‍ය දේ යයි කියනු ලැබේ.’’
පරිසුද්‍ධ වර්‍ගය නිමි.