අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(18) 3. සාධු වර්‍ගය

10. සුඛදුක්ඛුද්‍රය සූත්‍රය

’’මහණෙනි, තොපට දුක්ඛුද්‍රය ධර්‍ම හා සුඛුද්‍රය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.’’ ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.’’

’’මහණෙනි, දුක්ඛුද්‍රය ධර්‍ම කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය දුක්ඛුද්‍රය ධර්‍ම යයි කියනු ලැබේ.’’

’’මහණෙනි, සුඛුද්‍රය ධර්‍ම කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය සුඛුද්‍රය ධර්‍ම යයි කියනු ලැබේ.’’