අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

5. අක්කොසක වර්‍ගය

9. සරීරට්ඨදසධම්ම සූත්‍රය

’’මහණෙනි, ශරීරයෙහි වූ මේ කරුණු දසයක් වෙත්. කවර දසයක්ද යත්.

’’සීතය, උෂ්ණය, බඩසාය, පිපාසය, මළ, මූත්‍ර පහකිරීම, කාය සංවරය, වාක් සංවරය, ජීවිකාව සංවරව කිරීම, නැවත භවය ඇතිකරණ භවගාමී පින් පව්, මහණෙනි, මේ කරුණු දසය ශරීරයෙහි පිහිටියාහුය.’’