අංගුත්තර නිකාය
දුක නිපාතය
පළමුවෙනි පණ්ණාසකය
3. තුන්වෙනි පණ්ණාසකය
16. ක්‍රොධ වර්ගය
කොධූපනාහ සූත්‍රය:—1 “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
2. ක්‍රොධයද බද්ධවෛරයද යන දෙදෙනයි.
3. “මහණෙනි, මේ දෙදෙන ධර්මයෝ වෙති.”
(මේ වර්ගයේ 2–10 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
මක්ඛපලාස සූත්‍රය- 2. “ගුණමකු බවද යුගග්‍රාහය (අනුන් යටත්කොට ගැනීම) ද යන දෙදෙනයි.
ඉස්සාමච්ඡරිය සූත්‍රය-2. “ඊෂ්‍ය_ාවද මසුරු බවද යන දෙදෙනයි
මායාසාඨෙය්‍ය සූත්‍රය-2 “මායාවද කෛරාටික බවද යන දෙදෙනයි
අහිරිකානොත්තප්ප සූත්‍රය-2. “පාපයෙහි (නිර්ලජ්ජී බවද (පාපයෙහි) බය නැති බවද යන දෙදෙනයි.
අක්කොධානුපනාහ සූත්‍රය-2. “අක්‍රොධයද බද්ධ වෛරනොකිරීමද යන දෙදෙනයි.
අමක්ඛාපලාස සූත්‍රය- 2. ‘ගුණමකු නොවීමද අයුගග්‍රාහය (අනුන් යටත් නොකරන බව) ද යන දෙදෙනයි.
අනිස්සාමච්ඡරිය සූත්‍රය-2. ‘ඊෂ්‍ය_ා නොකිරීමද නොමසුරු බවද යන දෙදෙනයි.
අමායාසාඨෙය්‍ය සූත්‍රය:—2. “අමායාව (කළ වරද නොවැසීම) ද අකෛරාටික බවද යන දෙදෙනයි.
හිරිඔත්තප්ප සූත්‍රය:—2. “(පාපයෙහි) ලජ්ජාවද (පාපයෙහි) භයද යන දෙදෙනයි.
කොධසමන්නාගත සූත්‍රය:—“මහණෙනි, කරුණු දෙකකින් යුත් තැනැත්තේ දුකසේ වෙසෙයි.
2. “කවර දෙකකින්ද යත්, ක්‍රොධයෙන් හා බද්ධ වෛරයෙන්ද යන දෙකෙනි.
3. “මහණෙනි, මේ ධර්මයන්ගෙන් යුක්තවූ තැනැත්තේ දුකසේ වාසය කෙරේ.”
මක්ඛ සමන්නාගත සූත්‍රය:—(12–15 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 11 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකු බැවින්ද, යුගග්‍රාහයෙන්ද යන දෙකෙනි.
ඉස්සා සමන්නාගත සූත්‍රය:—2 “ඊෂ්‍ය_ාවෙන් හා මාත්සර්‍ය්‍යයෙන්ද යන දෙකෙනි.
මායා සමන්නාගත සූත්‍රය:—2. “මායාවෙන්ද කෛරාටික කමින්ද යන දෙකෙනි.
අහිරික සමන්නාගත සූත්‍රය:—2 ‘(පාපයට) නිර්ලජ්ජී බැවින් හා (පාපයෙහි) බය නැති බැවින්ද යන දෙකිනි.
අක්කොධ සමන්නාගත සූත්‍රය:—“මහණෙනි, කරුණු දෙකකින් යුත් තැනැත්තේ සැපසේ වෙසෙයි. කවර දෙකකින්ද යත්.
2. “අක්‍රොධයෙන්ද බද්ධවෛර නොකිරීමෙන්ද යන දෙකිනි.
3. “මහණෙනි, මේ ධර්ම දෙකින් යුත් තැනැත්තේ සැපසේ වාසය කෙරේ.”
අමක්ඛ සමන්නාගත සූත්‍රය:—(17–20 සූත්‍රවල 1, 3 ඡෙද
මේ වර්ගයේ 16 වැනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)
2. “ගුණමකු නොවීමෙන්ද අයුගග්‍රාහයෙන්ද යන දෙකිනි.
“ඊෂ්‍ය_ානොකිරීමෙන්ද මසුරු නොවීමෙන්ද යන දෙකිනි.
අමායාසමන්නාගත සූත්‍රය-2. “කළවරද නොවැසී මෙන්ද කෛරාටික නොවීමෙන්ද යන දෙකිනි.
හිරිසමන්නාගත සූත්‍රය-2 “(පාපයට) ලජ්ජා වෙන්ද (පාපයට) භයින්ද යන දෙකිනි.’
කොධපරිහානි සූත්‍රය-1. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන ශෛක්ෂ භික්ෂුවගේ (ගුණ) පිරිහීම සඳහා පවතිත්. කවර දෙදෙනද යත්,
2. “ක්‍රොධයද බද්ධවෛරයද යන දෙදෙනයි.
3. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි ශෛක්ෂ
භික්ෂුවගේ (ගුණ) පිරිහීම සඳහා වෙත්.”
මක්ඛපරිහානි සූත්‍රය-(22–25 සූත්‍රවල 1, 3 ඡෙද මේ
වර්ගයේ 21 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකු බවද, යුගග්‍රාහයද යන දෙදෙනයි.
ඉස්සාපරිහානි සූත්‍රය-2. “ඊෂ්‍ය_ාවද මාත්සර්‍ය්‍යයද යන
දෙදෙනයි.
මායාපරිහානි සූත්‍රය-2. “මායාවද කෛරාටික බවද යන දෙදෙනයි.
අහිරික පරිහානි සූත්‍රය-2. “නිර්ලජ්ජී බවද (පාපයට) බය නැති බවද යන දෙදෙනයි.
අක්කොධ පරිහානි සූත්‍රය-1. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන ශෛක්ෂ භික්ෂුවගේ ගුණ නොපිරිහීම සඳහා පවතිත්. කවර දෙදෙනද යත්,
2. “අක්‍රොධයද බද්ධවෛර නොකිරීමද යන මේ දෙදෙනයි.
3. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි ශෛක්ෂ භික්ෂුවගේ (ගුණ) නොපිරිහීම පිණිස වෙත්.”
අමක්ඛාපරිහානි සූත්‍රය-(27–30 සූත්‍රවල 1, 3 ඡෙද මේ
වර්ගයේ 26 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකු නොවීමද අයුගග්‍රාහයද යන දෙදෙනයි.
අනිස්සාපරිහානි සූත්‍රය-2. “ඊෂ්‍ය_ා නොකිරීමද
නොමසුරු බවද යන මේ දෙදෙනයි.
අමායාපරිහානි සූත්‍රය-2. “අකෛරාටික බවද නොකපටි බවද යන මේ දෙදෙනයි.
හිරිඅපරිහානි සූත්‍රය-2. “(පාපයෙහි) ලජ්ජාවද (පාපයෙහි) භයද යන මේ දෙදෙනයි.
කොධනිරයුප්පත්ති සූත්‍රය-1. “මහණෙනි, ධර්මයන් දෙදෙනෙකුගෙන් යුක්තවූ තැනැත්තේ ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම්සේ නම්, එසේම නරකයෙහි වේ (උපදී.)
කවර දෙදෙනකුගෙන්ද යත්,
2. “ක්‍රොධයෙන්ද බද්ධවෛරයෙන්ද යන දෙදෙනා ගෙනි.
3. “මහණෙනි, මේ ධර්ම දෙදෙනාගෙන් යුත් තැනැත්තේ
ගෙණෙන ලද්දක් බහාතබනු ලබන්නේ යම්සේද, එසේම නරකයෙහි වේ (උපදී.)
මක්ඛ නිරයුප්පත්ති සූත්‍රය:—(32–35 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 31 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)
2. “ගුණමකු බැවින්ද යුගග්‍රාහයෙන්ද යන දෙදෙනා ගෙනි.
ඉස්සානිරයුප්පත්ති සූත්‍රය:—2. “කවර දෙදෙනෙකුගෙන්ද යත්, ඊෂ්‍ය_ාවෙන්ද මාත්සර්‍ය්‍යයෙන්ද යන දෙදෙනා ගෙනි.
මායානිරයුප්පත්ති සූත්‍රය-2. “කවර දෙදෙනෙකුගෙන්ද යත්, මායාවෙන්ද කෛරාටික බැවින්ද යන දෙදෙනාගෙනි.
අහිරික නිරයුප්පත්ති සූත්‍රය-2. “කවර දෙදෙනෙකුගෙන්ද යත්, (පාපයෙහි) නිර්ලජ්ජී බැවින්ද (පාපයෙහි) භය නැති බැවින්ද යන දෙදෙනාගෙනි.
අක්කොධසග්ගුප්පත්ති සූත්‍රය-1. “මහණෙනි, ධර්මයන් දෙදෙනෙකුගෙන් යුක්තවූ තැනැත්තේ ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම්සේ නම්, එසේම ස්වර්ගයෙහි වේ. (උපදී) කවර දෙදෙනෙකුගෙන්ද යත්,
2. “අක්‍රොධයෙන්ද බද්ධවෛර නොකිරීමෙන්ද යන දෙදෙනාගෙනි.
3 “මහණෙනි, මේ ධර්ම දෙදෙනාගෙන් යුත් තැනැත්තේ ගෙණෙන ලද්දක් බහාතබනු ලබන්නේ යම්සේද, එසේම ස්වර්ගයෙහි වේ (උපදී)
අමක්ඛසග්ගුප්පත්ති සූත්‍රය-(37–40 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 36 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2 “කවර දෙදෙනෙකුගෙන්ද යත්, ගුණමකු නොවී මෙන්ද අයුගග්‍රාහයෙන්ද යන දෙදෙනාගෙනි.
අනිස්සාසග්ගුප්පත්ති සූත්‍රය-2. “කවර දෙදෙනෙකුගෙන්ද යත්, ඊෂ්‍ය_ානොකිරීමෙන්ද නොමසුරු බැවින්ද යන දෙදෙනාගෙනි
අමායාසග්ගුප්පත්ති සූත්‍රය-2 “කවර දෙදෙනෙකුගෙන්ද යත්, කෛරාටික නොවීමෙන්ද නොකපටි බැවින්ද යන දෙදෙනාගෙනි
හිරිසග්ගුප්පත්ති සූත්‍රය- 2. “කවර දෙදෙනෙකුගෙන්ද යත්, (පාපයෙහි) ලජ්ජාවීමෙන්ද (පාපයට) භයඇති බැවින්ද යන දෙදෙනාගෙනි
කොධඅපායුප්පත්ති සූත්‍රය- 1. “මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භෙදයෙන්
මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිතවීම් ඇති නරකයෙහි උපදී. කවර දෙකකින්ද යත්,
2. “ක්‍රොධයෙන්ද බද්ධවෛරයෙන්ද යන කරුණු වලිනි.
3. “මහණෙනි, මෙලොව මේ ධර්ම දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිතවීම් ඇති නරකයෙහි උපදී”
මක්ඛඅපායුප්පත්ති සූත්‍රය-(42–45 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 41 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2. “කවර දෙකින්ද යත්, ගුණමකු බැවින්ද යුගග්‍රාහයෙන්ද යන කරුණුවලිනි.
ඉස්සාඅපායුප්පත්ති සූත්‍රය-2. “ඊෂ්‍ය_ාවෙන්ද මාත්සර්‍ය්‍යයෙන්ද යන කරුණු වලිනි.
මායාඅපායුප්පත්ති සූත්‍රය-2. “මායාවෙන්ද කෛරාටිකකමින්ද යන කරුණුවලිනි.
අහිරික අපායුප්පත්ති සූත්‍රය-2. “(පාපයෙහි) නිර්ලජ්ජී බැවින්ද (පාපයට) භයනැති බැවින්ද යන කරුණුවලිනි.
අක්කොධ සුගතුප්පත්ති සූත්‍රය:—1. “මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදී. කවර දෙකකින්ද යත්:
2. “අක්‍රොධයෙන්ද, අබද්ධවෛරයෙන්ද යන දෙකිනි.
3. “මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදී”
අමක්ඛ සුගතුප්පත්ති සූත්‍රය:—(47–50 සූත්‍රවල 1, 3 ඡෙද
මේ වර්ගයේ 46 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකු නැති බැවින්ද අයුගග්‍රාහයෙන්ද යන දෙකිනි.”
අනිස්සා සුගතුප්පත්ති සූත්‍රය:—2 “ඊර්‍ෂ්‍යා නොකිරීමෙන්ද,
නොමසුරු බැවින්ද යන දෙකිනි.”
අමායා සුගතුප්පත්ති සූත්‍රය:—2. “කෛරාටිකකම් නැති බැවින්ද නොකපටි බැවින්ද යන දෙකිනි.”
හිරිසුගතුප්පත්ති සූත්‍රය:—2: ‘(පාපයෙහි) ලජ්ජාවීමෙන්ද (පාපයට) භයින්ද යන දෙකිනි.”
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්මයෝ වෙත්.”
මක්ඛාකුසල සූත්‍රය:—(52–55 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 51 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකුවීමද යුගග්‍රාහයද යන මේ දෙදෙනයි.
ඉස්සාකුසල සූත්‍රය:—2. ඊර්ෂ්යාවද මසුරු බවද යන මේ දෙදෙනයි.
මායාකුසල සූත්‍රය:—2. “මායාවද කෛරාටික බවද යන මේ දෙදෙනයි.
අහිරිකාකුසල සූත්‍රය:—2. “පාපයට ලජ්ජා නැති බවද පාපයට භය නැති බවද යන මේ දෙදෙනයි.
අක්කොධ කුසල සූත්‍රය:—1. “මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්:
2. “අක්‍රොධයද බද්ධවෛර නොකිරීමද යන මේ දෙදෙනයි
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්මයෝ වෙත්.”
අමක්ඛ කුසල සූත්‍රය:—1. (57–60 සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 56 සූත්‍රයේ 1–3 ඡෙද මෙන් වෙත්.)
2. ‘ගුණමකු නොවීමද අයුගග්‍රාහයද යන මේ දෙදෙනයි.
අනිස්සා කුසල සූත්‍රය:—2. “ඊර්ෂ්යා නොකිරීමද නොමසුරු බවද යන මේ දෙදෙනයි.
අමායා කුසල සූත්‍රය:—2. “මායා රහිත බවද අකෛරාටික බවද යන මේ දෙදෙනයි.
“හිරි කුසල සූත්‍රය:—2 (පාපයට) “ලජ්ජාවද (පාපයට) භයද යන මේ දෙදෙනයි”
සාවජ්ජකොධ සූත්‍රය:—“මහණෙනි, මේ වැරදි සහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත් කවර දෙදෙනෙක්ද යත්:
2. “ක්‍රොධයද බද්ධවෛරයද යන මේ දෙදෙනයි”
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්මයෝ වෙත්”
සාවජ්ජ මක්ඛ සූත්‍රය:—(62–65 සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 61 සූත්‍රයේ 1–3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකුවීමද තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි”
සාවජ්ජඉස්සා සූත්‍රය:—2 “ඊර්ෂ්යාවද මසුරු බවද යන මේ දෙදෙනයි.”
සාවජ්ජ මායා සූත්‍රය:—2 ‘මායාවද කෛරාටික බවද යන මේ දෙදෙනයි”
සාවජ්ජ අහිරික සූත්‍රය:—2. “(පාපයට) ලජ්ජා නැති බවද (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි”
අනවජ්ජ අක්කෝධ සූත්‍රය:—1. “මහණෙනි, මේ නිවැරදි ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්:
2. “අක්‍රොධයද බද්ධවෛර නොකිරීමද යන මේ දෙදෙනයි.”
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්‍ය ධර්මයෝ වෙත්.”
අනවජ්ජ අමක්ඛ සූත්‍රය:—(67–70 සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 66 සූත්‍රයේ 1–3 ඡෙද මෙන් වෙත්)
2. “ගුණමකු නොවීමද තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.”
අනවජ්ජ අනිස්සා සූත්‍රය:—2. “ඊර්ෂ්යා නොකිරීමද නොමසුරු බවද යන මේ දෙදෙනයි.”
අනවජ්ජ අමායා සූත්‍රය:—2 “මායා රහිත බවද අකෛරාටික බවද යන මේ දෙදෙනයි.”
අනවජ්ජ හිරි සූත්‍රය-2. “(පාපයට) ලජ්ජාවද (පාපයට භයද යන මේ දෙදෙනයි.’
ක්‍රොධ දුක්ඛුද්‍රය සූත්‍රය-1. ‘මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
2. “ක්‍රොධයද බද්ධවෛරයද යන මේ දෙදෙනයි.”
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
මක්ඛදුක්ඛුද්‍ර සූත්‍රය-(72–75 සූත්‍රවල 1–3 වෙනි ඡෙද මේ වර්ගයේ 71 සූත්‍රයේ 1–3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකුවීමද තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි.”
ඉස්සාදුක්ඛුද්‍රය සූත්‍රය-2. “ඊර්ෂ්යාවද මසුරු බවද යන මේ දෙදෙනයි.”
මායා දුක්ඛුද්‍රය සූත්‍රය-2. “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි.”
අහිරික දුක්ඛුද්‍රය සූත්‍රය-2. “(පාපයට) ලජ්ජා නැති බවද (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි.”
අක්කොධ සුඛුද්‍රය සූත්‍රය-1 “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
2. “අක්‍රොධයද බද්ධවෛර නොකිරීමද යන මේ දෙදෙනයි.”
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.
අමක්ඛ සුඛුද්‍රය සූත්‍රය-(77–8) සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 76 සූත්‍රයේ 1–3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකු නොවීමද තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.”
අනිස්සාසුඛුද්‍රය සූත්‍රය- 2. “ඊර්ෂ්යා නොකිරීමද නොමසුරු බවද යන මේ දෙදෙනයි.”
අයාමාසුඛුද්‍රය සූත්‍රය-2. “මායා රහිත බවද අකෛරාටික බවද යන මේ දෙදෙනයි.”
හිරිසුඛුද්‍රය සූත්‍රය- 2. “(පාපයට) ලජ්ජාවද (පාපයට) භයද යන මේ දෙදෙනයි.”
දුක්ඛ විපාක කොධ සූත්‍රය-1. “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්ත
2. “ක්‍රොධයද බද්ධවෛරයද යන මේ දෙදෙනයි.”
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් විපාක ඇති ධර්මයෝ වෙත්,
දුක්ඛ විපාක මක්ඛ සූත්‍රය- (82–85 සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 81 සූත්‍රයේ 1–3 ඡෙද මෙනි)
2. “ගුණමකු වීමද තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි’
දුක්ඛවිපාක ඉස්සා සූත්‍රය:—2. “ඊර්ෂ්යාවද මසුරු බවද යන මේ දෙදෙනයි”
දුක්ඛවිපාක මායා සූත්‍රය:—2. “මායාවද කෛරාටික බවද යන මේ දෙදෙනයි”
දුක්ඛවිපාක අහිරික සූත්‍රය:—2. “(පාපයට) ලජ්ජා නැති බවද (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි”
සුඛවිපාක අක්කොධ සූත්‍රය:—1. “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්:
2. “අක්‍රොධයද බද්ධවෛර නොකිරීමද යන මේ දෙදෙනයි’
3. “මහණෙනි, මේ දෙදෙන වනාහි සැප විපාක ඇති ධර්මයෝ වෙත්.”
සුඛවිපාක අමක්ඛ සූත්‍රය:—(87–90 සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 86 සූත්‍රයේ 1–3 ඡෙද මෙන් වෙත්)
2. ‘ගුණමකු නොවීමද තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි”
සුඛවිපාක අනිස්සා සූත්‍රය:—2 ඊර්ෂ්යා නොකිරීමද නොමසුරු බවද යන මේ දෙදෙනයි”
සුඛවිපාක අමායා සූත්‍රය:—2. “මායා රහිත බවද අකෛරාටික බවද යන මේ දෙදෙනයි.”
සුඛවිපාක හිරි සූත්‍රය:—2. “(පාපයට) ලජ්ජාවද (පාපයට) භයද යන මේ දෙදෙනයි.”
සව්‍යාපජ්ඣ කොධ සූත්‍රය:—1. “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්:
2. “ක්‍රොධයද බද්ධ වෛරයද යන මේ දෙදෙනයි
3 මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් සහිතවූ ධර්මයෝ වෙත්.”
සව්‍යාපජ්ඣමක්ඛ සූත්‍රය:—(92–95 සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 91 සූත්‍රයේ 1–3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකුවීමද තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි.”
සව්‍යාපජ්ඣ ඉස්සා සූත්‍රය:—2. “ඊර්ෂ්යාවද මසුරු බවද යන මේ දෙදෙනයි.”
සව්‍යාපජ්ඣ මායා සූත්‍රය:—2. “මායාවද කෛරාටික බවද යන මේ දෙදෙනයි.”
සව්‍යාපජ්ඣ අහිරික සූත්‍රය:—2 “පාපයට ලජ්ජා නැති බවද පාපයට භය නැති බවද යන මේ දෙදෙනයි.”
අව්‍යාපජ්ඣ අක්කොධ සූත්‍රය:—1 “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්:
2. “අක්‍රොධයද බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි”
3. “මහණෙනි, මේ දෙදෙන ව්‍යාපාද (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
අව්‍යාපජ්ඣ අමක්ඛ සූත්‍රය:—(97–100 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 99 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
2. “ගුණමකු නොවීමද තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි”
අව්‍යාපජ්ඣ අනිස්සා සූත්‍රය:—2. “ඊර්‍ෂ්‍යානොකිරීමද නොමසුරු බවද යන මේ දෙදෙනයි.”
අව්‍යාපජ්ඣ අමායා සූත්‍රය:—2. “මායා රහිත බවද අකෛරාටික බවද යන මේ දෙදෙනයි.”
අව්‍යාපජ්ඣ හිරි සූත්‍රය:—2. “පාපයට ලජ්ජාවද පාපයට භයද යන මේ දෙදෙනයි.”
(සවෙනි ක්‍රොධ වර්ගය නිමි.)