අංගුත්තර නිකාය

එක නිපාතය

16. අචෙලක වර්ගය

157–162. සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග මග්ගංග සූත්‍ර

(මේ ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 1–4 ඡෙද මෙන් වෙත්)

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් ලාමක අකුශල ධර්මයන් පහකිරීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද.

“උපන් කුශල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළාව පිණිස බොහෝවීම පිණිස මහත්වීම වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්‍ය්‍යය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයිද, වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයිද, විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයිද, සද්ධින්ද්‍රිය වඩයිද, විරියින්ද්‍රිය වඩයිද, සතින්ද්‍රිය වඩයිද, සමාධින්ද්‍රිය වඩයිද, පඤ්ඤීන්ද්‍රිය වඩයිද, සද්ධා බලය වඩයිද, වීරිය බලය වඩයිද, සතිබලය වඩයිද, සමාධිබලය වඩයිද, පඤ්ඤාබලය වඩයිද, සති සම්බොජ්ඣංගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විරිය සම්බොජ්ඣංගය

වඩයිද, පීති සම්බොජ්ඣංගය වඩයිද පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද සමාධි සම්බොජ්ඣංගය වඩයිද, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, සම්මාදිට්ඨිය වඩයිද, සම්මාසංකප්පය වඩයිද, සම්‍යක් වචනය වඩයිද, සම්‍යක් කර්මාන්තය වඩයිද, සම්‍යක් ආජීවය වඩයිද, සම්මාසතිය වඩයිද, සම්මාසමාධිය වඩයිද, මහණෙනි, මේ මධ්‍යම ප්‍රතිපදාවයයි කියනු ලැබේ මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ප්‍රතිපදාවයි.”