අංගුත්තර නිකාය

එක නිපාතය

2. රථකාර වර්ගය

18. දෙවලොකුප්පත්ති සූත්‍රය

“මහණෙනි, ඉදින් වනාහි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ‘ඇවැත්නි, දෙව්ලොව ඉපදීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නහුදැයි අසන්නාහු නම් මෙසේ අසන ලද්දාවූ තෙපි හැකිලෙන්නාහු නොවෙත්ද, ලජ්ජාවන්නාහු නොවෙත්ද, පිළිකුල් කරන්නාහු නොවෙත්ද, ‘ස්වාමීනි, එසේය මහණෙනි, මෙසේ වනාහි තෙපි දිව්‍ය ආයුෂට හැකිළෙන්නාහු නම් ලජ්ජාවන්නාහු නම් පිළිකුල් කරන්නාහු නම් දිව්‍ය වර්ණයට හැකිලෙන්නාහු නම් ලජ්ජාවන්නාහු නම් පිළිකුල් කරන්නාහු නම් දිව්‍ය සැපට හැකිලෙන්නාහු නම් ලජ්ජා වන්නාහු නම් පිළිකුල් කරන්නාහු නම් දිව්‍ය යසසට හැකිලෙන්නාහු නම් ලජ්ජා වන්නාහු නම් පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය අධිපති බවට හැකිලෙන්නාහු නම් ලජ්ජාවන්නාහු නම් පිළිකුල් කරන්නාහු නම් මහණෙනි, පළමුකොට වනාහි තොප විසින් කාය දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජාවිය යුතුයි. පිළිකුල් කටයුතුයි. වාක් දුශ්චරිතයට හැකිලිය යුතුයි ලජ්ජා වියයුතුයි. පිළිකුල් කටයුතුයි. මනො දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි.”