අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(10) 5. අසුර වර්‍ගය
10. පොතලිය සූත්‍රය
ඉක්බිති පොතලිය පරිබ්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි පොතලිය පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’පොතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද.
ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද.
’’පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද,
’’පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද,
’’පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, පොතලිය, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
’’පොතලිය, මේ සතර පුද්ගලයන්ගෙන් කවර පුද්ගලයෙක් අතිශයින් යහපත්යයි, අතිශයින් ප්‍රණීතයයි වැටහේද?
’’භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද.
ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද.
’’භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද,
’’භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද,
’’භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
’’භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයන්ගෙන් යම් මේ පුද්ගලයෙක් තෙම නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය සුදුසු කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, මේ පුද්ගල තෙම මේ සතර පුද්ගලයන්ගෙන් අතිශයින් යහපත්යයිද, අතිශයින් ප්‍රණීතයයිද වැටහේ. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්සේ යම් මේ උපේක්‍ෂාවක් ඇද්ද, ඕ තොමෝ අතිශයින් යහපත්ය.
’’පොතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද.
ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද.
’’පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද,
’’පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද,
’’පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, පොතලිය, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
’’පොතලිය, මේ සතර පුද්ගලයන්ගෙන් යම් මේ පුද්ගලයෙක් තෙම නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිනි කල්හි කියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යයවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, මේ සතර පුද්ගලයන් අතරින් මෙතෙමේ අතිශයින් යහපත්ද, ප්‍රණිතද වේ. ඊට හේතු කවරේද? පොතලිය, ඒ ඒ තන්හි කල් දක්නා බව අතිශයින් යහපත්ය.’’
’’භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද.
ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද.
’’භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද,
’’භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද,
’’භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්‍යවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
’’භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයන්ගෙන් යම් මේ පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්‍යවූ නුගුණය කල් පැමිණි කල්හි කියන්නේ වේද, මේ සතර පුද්ගලයන්ගෙන් මේ පුද්ගල තෙම අතිශයින් යහපත්යයිද, අතිශයින් ප්‍රණීතයයිද වැටහේ. ඊට හේතු කවරේද? යම් මේ ඒ ඒ තන්හි කල් දැනීමක් ඇද්ද, එය ඉතා යහපත්ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති.
’’ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’
දහවෙනි අසුර වර්‍ගය නිමි.
දුතියපණ්ණාසකං සමත්තං.