අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දුච්චරිත වර්‍ගය (සුචරිත වර්‍ගය)

3. අකතවෙදිතා සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,

’’කවර සතරකින්ද යත්, කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය, කෙළෙහි ගුණ නොදන්නා අකෘතඥතාවය සතරයි.

’’මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය’’ යි වදාළ සේක.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.

’’කවර සතර දෙනෙක්ද යත්, කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, කෙළෙහි ගුණ දන්නා සුළු කෘතඥතාවය යන සතරයි.’’

’’මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.