අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දුච්චරිත වර්‍ගය (සුචරිත වර්‍ගය)

5. පඨමමග්ගසුත්තං

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.

’’කවර සතරකින්ද යත්. සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද,

’’මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.