අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(27) 7. කම්මපථ වර්‍ගය
10. මිච්ඡාදිඨික සුගති දුග්ගති සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
’’මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, අනුන් මිත්‍ථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, මිත්‍ථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේ වේද, මිත්‍ථ්‍යාදෘෂ්ටියෙහි ගුණ කියයිද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
’’සම්‍යක් දෘෂ්ටික වේද, අනුන් සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද, සම්‍යක් දෘෂ්ටියෙහි අනුදන්නේ වේද, සම්‍යක් දෘෂ්ටියෙහි ගුණ කියයිද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
විසිහත්වෙනි කර්‍මපථ වර්‍ගය නිමි.