අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(14) 4. රාජ වර්‍ගය
2. චක්කානුවත්තන සූත්‍රය
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම පියා විසින් පවත්වන ලද අණසක දැහැමින්ම අනුව පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්‍යවූ, සතුරුවූ ප්‍රාණියෙකු විසින් නොපැවැත්විය හැක්කේ වෙයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම )සස’ අර්ත්‍ථය දන්නේත් වේද, ධර්‍මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම පියා විසින් පවත්වන ලද අණසක දැහැමින්ම අනුව පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්‍යවූ, සතුරුවූ ප්‍රාණියෙකු විසින් නොපැවැත්විය හැක්කේ වෙයි.
’’මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ, ශාරීපුත්‍ර තෙමේ වනාහි තථාගතයන් විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්‍ම චක්‍රය මනාකොටම අනුව පවත්වයි. )සස’ ඒ ධර්‍ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර තෙම )සස’ අර්ත්‍ථය දන්නේත් වේද, ධර්‍මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.