අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(14) 4. රාජ වර්‍ගය

9. අක්ඛම නාග සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයුතු නොවෙයි. රජහුගේ අවයවයක්ය කියාම සංඛ්‍යාවට නොපැමිණේ.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම

’’රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්‍ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්‍ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.

’’මහණෙනි, කෙසේනම් රජහුගේ හස්ති තෙම රූපයන් නොඉවසන්නේ වේද?

’’මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ, හස්ති සේනාව හෝ දැක , අශ්ව සේනාව හෝ දැක, රථ සේනාව හෝ දැක, පාබල සේනාව හෝ දැක,

’’පසුබසියිද, විශෙෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්‍ධයට බැසගන්ට නොහැකිවේද,

’’මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්තිතෙම රූපයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේනම් රජහුගේ හස්ති තෙම ශබ්දයන් නොඉසන්නේ වේද,

’’මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ ඇතුන්ගේ ශබ්දයක් හෝ අසා අසුන්ගේ ශබ්දයක් හෝ අසා, රථයන්ගේ ශබ්දයක් හෝ අසා, පාබල සේනාවගේ ශබ්දයක් හෝ අසා, බෙර, පනාබෙර, සක්, සින්නය නාදයක් හෝ අසා,

’’පසුබසියිද, විශෙෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්‍ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ශබ්දයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ගන්‍ධයන් නොඉවසන්නේ වේද,

’’මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ, මනාව උපන්නාවූ යුද්‍ධ භූමියෙහි හැසිරෙන්නාවූ යම් ඒ රජහුගේ හස්තීහු වෙද්ද, ඔවුන්ගේ මල, මූත්‍ර ගඳ ආඝ්‍රාණය කොට පසුබසියිද, විශෙෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්‍ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ගන්‍ධයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රසයන් නොඉවසන්නේ වේද,

’’මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ එක් දිනකවූ තණ දිය දීමකින් හෝ, බුහුමන් නොලද්දේ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පහකින් හෝ තණ දිය දීම් වලින් බුහුමන් නොලද්දේ පසුබසියිද, විශෙෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්‍ධයට බැසගන්ට නොහැකිවේද,

’’මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රසයන් නොඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ස්පර්‍ශ කළ යුත්තන් නොඉවසන්නේ වේද?

’’මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ එක් ඊසැර විදීමකින් විදින ලද්දේ හෝ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පසකින් හෝ ඊසැර විදුම් වලින් විදින ලද්දේ

පසුබසියිද, විශෙෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්‍ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ස්පර්‍ශ කළ යුත්තන් නොඉවසන්නේ වෙයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයුතු නොවෙයි. රජහුගේ අවයවයක්ය කියාම සංඛ්‍යාවට නොපැමිණේ.

’’මහණෙනි, මෙපරිද්දෙන්ම අඞඟ පසකින් යුක්තවූ භික්‍ෂු තෙම පූජාවට සුදුසු නොවෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු නොවෙයි. දක්‍ෂිණාවට සුදුසු නොවෙයි. ඇඳිලි කිරීමට සුදුසු නොවෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත නොවෙයි.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්‍ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්‍ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම රූපයන් නොඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්‍ෂු තෙම ඇසින් රූපය දැක ඇළුම් කටයුතු රූපයෙහි ඇළේද,

අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම

රූපයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම ශබ්දයන් නොඉවසන්නේ වේද, මහණෙනි, මෙහි භික්‍ෂු තෙම කණින් ශබ්දය අසා, ඇලුම් කටයුතු ශබ්දයෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ශබ්දයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේනම් භික්‍ෂු තෙම ගන්‍ධයන් නොඉවසන්නේ වේද, මහණෙනි, මෙහි භික්‍ෂු තෙම නාසයෙන් ගන්‍ධය ආඝ්‍රාණය කොට ඇලුම් කටයුතු ගන්‍ධයෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ගන්‍ධයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේනම් භික්‍ෂු තෙම රසයන් නොඉවසන්නේ වේද, මහණෙනි, මෙහි භික්‍ෂු තෙම දිවෙන් රසය විඳ ඇලුම් කටයුතු රසයෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම රසයන් නොඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම ස්පර්‍ශ කළ යුත්තන් නොඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්‍ෂු තෙම කයින් ස්පර්‍ශ කළ යුත්ත ස්පර්‍ශ කොට ඇලුම් කටයුතුවූ ස්පර්‍ශ කළ යුත්තෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ස්පර්‍ශ කළ යුත්තන් නොඉවසන්නේ වේ.

’’මහණෙනි, මෙපරිද්දෙන්ම අඞඟ පසකින් යුක්තවූ භික්‍ෂු තෙම පූජාවට සුදුසු නොවෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු නොවෙයි. දක්‍ෂිණාවට සුදුසු නොවෙයි. ඇඳිලි කිරීමට සුදුසු නොවෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත නොවෙයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභොග කටයුතු වේ. රජහුගේ අවයවයක කියාම සංඛ්‍යාවට පැමිණේ.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම

රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්‍ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේද යන පසිනි.

’’මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රූපයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ, හස්ති සේනාව හෝ දැක , අශ්ව සේනාව හෝ දැක, රථ සේනාව හෝ දැක, පාබල සේනාව හෝ දැක, නොපසුබසීද, විශෙෂයෙන් නොගැලෙයිද, ස්ථිරව සිටියිද, යුද්‍ධයට බැසගන්ට හැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රූපයන් ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ශබ්දයන් ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ ඇතුන්ගේ ශබ්දයක් හෝ අසා අසුන්ගේ ශබ්දයක් හෝ අසා, රථයන්ගේ ශබ්දයක් හෝ අසා, පාබල සේනාවගේ ශබ්දයක් හෝ අසා, බෙර, පනාබෙර, සක්, සින්නය නාදයක් හෝ අසා, කවර පසකින්ද යත්? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම

රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්‍ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේද යන පසිනි. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ශබ්දයන් ඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ගන්‍ධයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ, මනාව උපන්නාවූ යුද්‍ධ භූමියෙහි හැසිරෙන්නාවූ යම් ඒ රජහුගේ හස්තීහු වෙද්ද, ඔවුන්ගේ මල, මූත්‍ර ගඳ ආඝ්‍රාණය කොට පසුබසියිද, විශෙෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්‍ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ගන්‍ධයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රසයන් නොඉවසන්නේ වේද, මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයුතු නොවෙයි. රජහුගේ අවයවයක්ය කියාම සංඛ්‍යාවට නොපැමිණේ. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ගන්‍ධයන් ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රසයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ එක් දිනකවූ තණ දිය දීමකින් හෝ, බුහුමන් නොලද්දේ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පහකින් හෝ තණ දිය දීම් වලින් බුහුමන් නොලද්දේ පසුබසියිද, විශෙෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්‍ධයට බැසගන්ට නොහැකිවේද, ’’කවර පසකින්ද යත්? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම

රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්‍ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේද යන පසිනි. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රසයන් ඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්‍ධයට පැමිණියේ එක් ඊසැර විදීමකින් විදින ලද්දේ හෝ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පසකින් හෝ ඊසැර විදුම් වලින් විදින ලද්දේ කවර පසකින්ද යත්? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම

රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්‍ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේද යන පසිනි. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේ. ( මේ ඡේදය මේ සූත්‍රයේ 24 ඡේදය මෙනි. )

’’මහණෙනි, මෙපරිද්දෙන්ම එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.

24.’’කවර පසකින්ද යත්? මෙහි භික්‍ෂු තෙම රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්‍ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේද යන පසිනි.

25.’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම රූප ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්‍ෂු තෙම ඇසින් රූපය දැක ඇළුම් කටයුතුවූ රූපයෙහි නොඇලේද,

’’මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම

රූප ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම ශබ්ද ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්‍ෂු තෙම කණින් ශබ්දය අසා ඇළුම් කටයුතුවූ ශබ්දයෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ශබ්ද ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම ගඳ ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්‍ෂු තෙම නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ඇළුම් කටයුතු ගඳෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ගඳ ඉවසන්නේ වේ.

මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම රස ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්‍ෂු තෙම දිවෙන් රසය විඳ ඇළුම් කටයුතු රසයෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම රස ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම ස්පර්‍ශ කළ යුත්ත ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්‍ෂු තෙම කයින් ස්පර්‍ශ කළ යුත්ත ස්පර්‍ශ කොට ඇළුම් කටයුතුවූ ස්පර්‍ශ කළ යුත්තෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ස්පර්‍ශ කළ යුත්ත ඉවසන්නේ වේ. මහණෙනි, මෙපරිද්දෙන්ම එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.