අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(15) 5. තිකණ්ටකී වර්‍ගය

6. භික්ඛුමිත්ත සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු මිත්‍රතෙම සේවනය නොකටයුතු වේ.

’’කවර පසකින්ද යත්? කර්මාන්තය කරවාද, අධිකරණය ගණීද, ප්‍රධාන භික්‍ෂූන් කෙරෙහි ප්‍රතිවිරුද්‍ධවූයේ වේද, දික්වූ හැසිරී මෙන් අවස්ථාවට නුසුදුසුවූ හැසිරීමෙහි යෙදී වාසය කෙරේද, කලින්කල දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරන්ට සමර්ත්‍ථ නොවේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු මිත්‍රතෙම සේවනය නොකටයුතු වේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම සේවනය කටයුතු වේ.

’’කවර පසකින්ද යත්? කර්මාන්ත නොාකරවාද, අධිකරණය නොගණීද, ප්‍රධාන භික්‍ෂූන් කෙරෙහි ප්‍රතිවිරුද්‍ධවූවෙක් නොවේද, දික්වූ හැසිරීමෙහි අවස්ථාවට නුසුදුසුවූ හැසිරීමෙහි යෙදී වාසය නොකෙරේද, කලින්කල දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරන්ට සමර්ත්‍ථයෙක් වේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම සේවනය කටයුතු වේ.