අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(15) 5. තිකණ්ටකී වර්‍ගය
10. දුතිය සමය විමුත්ත සූත්‍රය
’’මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්? කර්‍මාන්තයන්හි ඇලෙන බවය, කථාබස්හි ඇලෙන බවය, නිද්‍රාවෙහි ඇලෙන බවය, ඉන්‍ද්‍රියයන්හි නොරක්නා ලද දොරටු ඇති බවය. භෝජනයෙහි පමණ නොදන්නා බවය යන පසයි.
’’මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
’’මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්? කර්‍මාන්තයන්හි නොඇලෙන බවය, කථාබස්හි නොඇලෙන බවය, නිද්‍රාවෙහි නොඇලෙන බවය, ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇති බවය. භෝජනයෙහි පමණ දන්නා බවය යන පසයි.
’’මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.
පහළොස් වැනි තිකණ්ටකී වර්‍ගය නිමි.
තුන්වන පණ්ණාසකය නිමි.