අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(21) 1. කිම්බිල වර්‍ගය
9. ගීතස්සර සූත්‍රය
’’මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
’’තවර පසක්ද යත්? තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ’යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
’’මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.