අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(26) 6. උපසම්පදා වර්ගය
2. නිස්සයදාන සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුව විසින් ආචාර්‍ය්‍යව නිශ්‍රය දිය යුතුයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අශෛක්ෂවූ ශීලස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ සමාධිස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ ප්රඥාස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ විමුක්තිස්කන්ධයෙන් යුක්තවේද, අශෛක්ෂවූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් යුක්තවේද, යන පසිනි.’’
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුව විසින් ආචාර්‍ය්‍යව නිශ්‍රය දිය යුතුයි.