අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(7) 2. සඤ්ඤා වර්‍ගය

7. උස්සොළ්හි පඤ්චම සූත්‍රය

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හා් භික්‍ෂුණියක් හෝ පඤ්ච ධර්‍මයන් වඩාද, පඤ්ච ධර්‍මයන් බහුල කෙරේද, ඔහුට ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. මේ ආත්මයෙහි රහත් වීම හෝ උපාදිශෙෂය ඇති කල්හි අනාගාමි වීම හෝ වේ.

’’කවර පසක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ඡන්‍දය හේතුකොට ඇති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඎධිපාදය වඩාද, වීර්‍ය්‍ය හේතුකොට ඇති සමාධිය හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඎද්‍ධිපාදය වඩාද, චිත්තය හේතුකොට ඇති සමාධිය හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඎද්‍ධිපාදය වඩාද, වීමංසාව හේතුකොට ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තවූ ඎද්‍ධිපාදය වඩාද, අධික මාත්‍ර වීර්‍ය්‍යයම පස්වෙනිකොට ඇත්තේ වේද, යන පසයි.