අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(10) 5. කකුධ වර්‍ගය

8. පත්තසේනාසනික සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපානසතිය බහුල වශයෙන් කරන්නේ නොබෝ කලකින්ම අර්හත්වය ප්‍රතිවේධ කෙරේ.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්‍ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්‍රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද,

’’ආරණ්‍යක වූයේ ඉතා දුර වන සෙනසුන් ඇත්තේ වේද, මිදුනු සිත ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේද, යන පසිනි. මහණෙනි,

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපානසතිය බහුල වශයෙන් කරන්නේ නොබෝ කලකින්ම අර්හත්වය ප්‍රතිවේධ කෙරේ.