අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

10. ආනිසංස වර්‍ගය

9. අනත්තසඤ්ඤුපට්ඨාපන සූත්‍රය

’’මහණෙනි, අනුසස් සයක් බලන භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට අනාත්ම සංඥාව එළවන්නට සෑහේමය.

’’කවර සයක්ද යත්? සියලු ලෝකයෙහිද එයින් නොවූවෙක් වන්නෙමි. මම යන හැඟීමද මට ගෙවේ. මගේය යන හැඟීමද මට ගෙවේ. අසමානවූ නුවණින් යුක්තවූයේ වන්නෙමි. මා හේතුව මනාව දක්නා ලද්දේ වන්නේය. හේතුවෙන් උපන් මේ ධර්‍මයෝද මනාව දක්නා ලද්දෝය. (යනුය)මහණෙනි, අනුසස් සයක් බලන භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට අනාත්ම සංඥාව එළවන්නට සෑහේමය.