අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

9. සීති වර්‍ගය

5. දිඨිසම්පදා සච්ඡීකරණ සූත්‍රය

’’මහණෙනි, කරුණු සයක් දුරු නොකොට සෝවාන් බව ලැබීමට නුසුදුසුය.

’’කවර සයක්ද? ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍ය ශීල ව්‍රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය, මහණෙනි, කරුණු සයක් දුරු නොකොට සෝවාන් බව ලැබීමට නුසුදුසුය.

’’ මහණෙනි, කරුණු සයක් දුරු කොට සෝවාන් බව ලැබීමට සුදුසුය.

’’කවර සයක්ද? ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍ය ශීල ව්‍රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය, මහණෙනි, කරුණු සයක් දුරු කොට සෝවාන් බව ලැබීමට සුදුසුය.