අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
1. ධන වර්ගය
3. සංඛිත්තසත්තබල සූත්‍රය
’’කවර සතක්ද යත්? ශ්‍රද්ධා බලය, වීර්‍ය්‍ය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය, මහණෙනි, මේ සප්ත බලයෝ වෙති.
’’ශ්‍රද්ධා බලයද, වීර්‍ය්‍ය බලයද, හිරි බලය හා ඔත්තප්ප බලයද, ස්මෘති බලයද, සමාධි බලයද, ඒකාන්තයෙන් ප්‍රඥා බලය සත්වන බලය වේ. මේ සප්ත බලයෙන් බලවත්වූ පණ්ඩිත භික්ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබඳු භික්ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.’’