අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(8) 3. යමක වර්ගය
2. දුතියසද්‍ධ භික්ඛු සූත්‍රය
’’මහණෙනි, භික්ෂුව සැදැහැවත්ද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. ’කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද’ කියාය. මහණෙනි, යම් කරුණෙකින් භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, ඒ කරුණින් හෙතෙම සම්පූර්ණවූයේ වේ.
’’මහණෙනි, භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. ’කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද, බහුශ්‍රුත වෙම්ද’ කියාය. මහණෙනි, යම් මේ කරුණෙකින් භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ඒ කරුණින් හෙතෙම සම්පූර්ණවූයේ වේ.
’’මහණෙනි, භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික නොවේද, මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. ’කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද, බහුශ්‍රුත වෙම්ද, ධර්ම කථික වෙම්ද’ කියායි. මහණෙනි, යම් මේ කරුණෙකින් භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, ඒ කරුණින් හෙතෙම සම්පූර්ණවූයේ වේ.
’’මහණෙනි, භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිසෙහි හැසිරෙන්නේ නොවේද, මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. ’කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද, බහුශ්‍රුත වෙම්ද, ධර්ම කථික වෙම්ද, පිරිසෙහි හැසිරෙන්නෙම්ද කියායි. මහණෙනි, යම් මේ කරුණෙකින් භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිසෙහි හැසිරෙන්නේ වේද ඒ කරුණින් හෙතෙම සම්පූර්ණවූයේ වේ.
’’මහණෙනි, භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිසෙහි හැසිරෙන්නේ වේද, නිර්භයව පිරිසට බණ කියන්නේ නොවේද, මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. ’කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද, බහුශ්‍රුත වෙම්ද ධර්ම කථික වෙම්ද, පිරිසෙහි හැසිරෙන්නෙම් වෙම්ද, නිර්භයව පිරිසට බණ කියන්නේ වෙම්ද’ කියාය. මහණෙනි, යම් මේ කරුණෙකින් භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිසෙහි හැසිරෙන්නේ වේද, නිර්භයව පිරිසට බණ කියන්නේ වේද ඒ කරුණින් හෙතෙම සම්පූර්ණවූයේ වේ.
’’මහණෙනි, භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිසෙහි හැසිරෙන්නේ වේද, නිර්භයව පිරිසට බණ කියන්නේ වේද, යම් ඒ සත්ත්ව කෙනෙක් මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්ශ කොට නොවෙසේද, මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. ’කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද, බහුශ්‍රුත වෙම්ද, ධර්ම කථික වෙම්ද, පිරිසෙහි හැසිරෙන්නේ වෙම්ද, නිර්භයව පිරිසට බණ කියන්නේ වෙම්ද, යම් ඒ සත්ත්ව කෙනෙක් මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්ශ කොට වෙසෙම්ද,’ කියාය. මහණෙනි යම් කරුණෙකින් භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිසෙහි හැසිරෙන්නේ වේද, නිර්භයව පිරිසට බණ කියන්නේ වේද, යම් ඒ සත්ත්ව කෙනෙක් මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්ශ කොට වෙසෙන්නේද, ඒ කරුණින් හෙතෙම සම්පූර්ණවූයේ වේ.
’’මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්ණ කළ යුතුය. ’කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද, බහුශ්‍රුත වෙම්ද, ධර්ම කථික වෙම්ද, පිරිසෙහි හැසිරෙන්නේ වෙම්ද, නිර්භයව පිරිසට බණ කියන්නේ වෙම්ද, යම් ඒ සත්ත්ව කෙනෙක් මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්ශ කොට වෙසෙම්ද,’ කියාය. මහණෙනි යම් කරුණෙකින් භික්ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිසෙහි හැසිරෙන්නේ වේද, නිර්භයව පිරිසට බණ කියන්නේ වේද, යම් ඒ සත්ත්ව කෙනෙක් මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්ශ කොට වෙසෙන්නේද, පව් ගෙවීමෙන් පිරිසිදු සිතේ මිදීමට, නුවණින් මිදීමට, මේ ආත්මයේ තෙමේ මනාව දැන, අත් දුැක, පැමිණ, නොවෙසේද, මෙසේ හෙතෙම ඒ කරුණින් සම්පූර්ණවූයේ වේ. එහෙයින් කිමෙක්ද මම සැදැහැවත් වන්නෙමි, සිල්වත් වන්නෙමි, බහුශ්‍රුත වන් නෙමි, ධර්ම කථික වන්නෙමි, පිරිස්හි එළඹෙන්නෙමි, විශාරදව පිරිසට බණ කියන්නෙමි. යම් ඒ සත්ත්ව කෙනෙක් ශාන්තවූවෝ, මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්ශකොට වසන්නෙම්ද. පව් ගෙවීමෙන් පිරිසිදු සිතේ මිදීමට, නුවණින් මිදීමට, මේ ආත්මයේ තෙමේ මනාව දැන, අත් දුැක, පැමිණ, වසන්නෙම්දැයි ඒ කාරණයෙන් හික්මිය යුතුය.
’’මහණෙනි, යම් හෙයකින් වනාහි භික්ෂුව සැදැහැවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්ම කථිකද, පිරිස්හි එළඹෙන්නේද, විශාරදව පිරිසට බණ කියන්නේද, යම් ඒ සත්ත්ව කෙනෙක් ශාන්තවූවෝ, මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් කය ස්පර්ශ කොට වෙසෙන්නෝ, පව් ගෙවීමෙන් පිරිසිදු සිතේ මිදීමට, නුවණින් මිදීමට, මේ ආත්මයේ තෙමේ මනාව දැන, අත් දුැක, පැමිණ, වෙසේද, මෙසේ හෙතෙම ඒ කරුණින් සම්පූර්ණවූයේ වේ.
’’මහණෙනි, මේ කරුණු අටින් යුත් භික්ෂුව හාත් පස පහදන්නෙක් වේ. සෑම අයුරින්ම සම්පූර්ණවූවෙක්ද වේ.’’