අඞ්ගුත්තරනිකායො
නවක නිපාතය
1. පළමු වෙනි පණ්ණාසකය
3. සත්තාවාස වර්‍ගය
9. ආඝාත වත්‍ථු සූත්‍රය
’’මහණෙනි, මේ ආඝාත වස්තු නවයක් වෙති.
’’කවර නවයක්ද? මට අනර්ත්‍ථය පිණිස හැසුරුනේයයි වෛරය බඳීද, මට අනර්ත්‍ථය පිණිස හැසිරේයයි වෛහය බඳීද, මට අනර්ත්‍ථය පිණිස හැසිරෙන්නේයයි වෛරය බඳීද, මට පියවූ මනාපවූවහුට අනර්ත්‍ථය පිණිස හැසුරුනේයයිද, අනර්ත්‍ථය පිණිස හැසිරේයයිද, අනර්ත්‍ථය පිණිස හැසිරෙන්නේයයිද, වෛරය බඳීද, මට අප්‍රියවූ අමනාපවූවහුට අර්ත්‍ථය පිණිස හැසුරුනේයයිද, අර්ත්‍ථය පිණිස හැසිරේයයිද, අර්ත්‍ථය පිණිස හැසිරෙන්නේයයිද, වෛරය බඳීද, මහණෙනි, මේ නව ආඝාත වස්තූහු වෙති.’’