ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
1. එකක නිපාතය
1. භොග වර්ගය
3. මොහ සූත්‍රය
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි)
මහණෙනි, මොහය (නොදැනීම) වූ එක් ස්වභාවය දුරු කරවූ, මම තොපට අනාගාමි බව පිණිස ඇපවෙමියි භාග්‍යවතුන් වහන්සේ මේ අරුත වදාළසේක.
“යම් නොදැනීමකින් මුළාවූ සත්වයෝ දුගතියට යෙද්ද, දක්නාවූ නුවණැත්තෝ ඒ මුළාව මනාව දැන පහකෙරෙත්. දුරුකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලොකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත්යයි”