ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
2. දුක නිපාතය
2. ජාගරිය වර්ගය
8. පටිසල්ලානරත සූත්‍රය
“මහණෙනි, කාය විවේකයෙහි ඇලුනෝව තමාගේ චිත්ත සමථයෙහි යෙදුනෝව නොසනසන ලද ධ්‍යාන ඇත්තෝව විදර්ශනා ඥානයෙන් යුක්ත වූවෝව ශුන්‍යාගාරයන් වඩන්නෝව වසවු.
“මහණෙනි, කාය විවේකය වූ කාය විවේකයෙහි ඇලුනාවූ තමාගේ සිත සංසිඳීමෙහි යෙදී වසන්නාවූ බැහැර නොකරන ලද ධ්‍යාන ඇත්තාවූ විදර්ශනාඥානයෙන් යුක්තවූ ශුන්‍යාගාරයන් වඩන්නවුන්ට මේ ආත්මභාවයෙහිම රහත් බව හෝ උපාදිශෙෂය කල්හි අනාගාමිබව හෝ (යන) දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් කැමතිවිය යුතුයයි.
“මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් යෝගාවචරකෙනෙක් සන්සුන් සිත් ඇත්තාහු වෙද්ද, නුවණ ඇත්තාහු වෙද්ද, සිහි ඇත්තාහුම වෙද්ද, ධ්‍යාන කිරීමෙහි යෙදුනාහු වෙද්ද, ඇලුම් නැත්තා වූ (ඒ යෝගීහු) මනාකොට (පඤ්චස්කන්ධ) ධර්මය වෙසෙසින් බලත්,
“අප්‍රමාදයෙහි ඇලුනාවූ ශාන්තවූ කුසල් සිත නොයෙදීම නම් ප්‍රමාදයෙහි භය දක්නාවූ පුද්ගලයෝ පිරිහීමට නුසුදුස්සෝ වෙත්, නිර්වාණයාගේම සමීපයෙහි වේ යයි.”