ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
3. දිට්ඨ වර්ගය
10. සෙඛ පරිහානි සූත්‍රය
“මහණෙනි, ශෛක්ෂ (රහත් බවට හික්මෙන) භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු තුනක් පවතිත්. කවර තුනක්ද, මහණෙනි, මේ ශාසනයෙහි ශෛක්ෂ භික්ෂුතෙමේ කර්මාන්තයෙහි ඇලීම ඇත්තේවේද, කර්මාන්තයෙහි ඇලුනේවේද, කර්මාන්තයෙහි ඇල්මෙහි යෙදුනේවේද, කථාවෙහි ඇලීම ඇත්තේවේද, (දෙතිස්) කථාවෙහි ඇලුනේ වේද, (දෙතිස්) කථාවේ ඇල්මෙහි යෙදුනේවේද, (නිතර) නිදීමෙන් ඇලීම ඇත්තේවේද, නිදීමෙහි ඇලුනේවේද, නිදීමේ ඇල්මෙහි යෙදුනේවේද, මහණෙනි, මේ ධර්ම තුන වනාහි ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ තුන්ධර්‍මයෝ ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්, කවර තුන් ධර්මයෝද යත්, මහණෙනි, මේ සස්නෙහි ශෛක්ෂ භික්ෂු තෙමේ කර්මාන්තයෙහි ඇලීම නැත්තේවේද කර්මාන්තයෙහි නොඇලුනේවේද, කර්මාන්තයේ ඇල්මෙහි නොයෙදුනේවේද, (දෙතිස්) කථාවෙහි නොඇලීම ඇත්තේවේද, (දෙතිස්) කථාවෙහි නොඇලුනේවේද, (දෙතිස්) කථාවෙහි ඇලුනුබැව්හි නොයෙදුනේ වේද, නිද්‍රාවෙහි ඇල්ම නැත්තේවේද, නිද්‍රාවෙහි නොඇලුනේවේද, නිදීමේ ඇලුනු බවෙහි නොයෙදුනේවේද, මහණෙනි, මේ තුන්ධර්‍මයෝ ශෛක්ෂ භික්ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කර්මාන්තයෙහි ඇලීම ඇත්තාවූද (දෙතිස්) කථාවෙහි ඇලුනාවූද නිදීමෙහි ඇලීම ඇත්තාවූද නොසන්සුන්වූ එබඳු මහණ තෙමේ උතුම්වූ මාර්ගය ඥානය ලබන්නට යොග්‍ය නොවේ. “එහෙයින්ම (මහණතෙමේ) අනුදන්නාලද කෘත්‍යය සුදුසු කාලයෙහිම කිරීමෙන්) ස්වල්ප කෘත්‍යය ඇත්තෙක්ද ස්වල්ප නිද්‍රාව ඇත්තෙක්ද සන්සිඳුනු සිත් ඇත්තෙක්ද වන්නේය, එබඳු මහණ තෙමේ උතුම් සතර මාර්ගඥානය ලබන්නට සුදුසු වේයයි.”
දිට්ඨ වර්ගය නිමි.