ඛුද්දක නිකාය
ඛුද්දක පාඨය
2. දශසිල් පද
සතුන් මැරීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
නුදුන් දේ ගැනීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
මෙවුන්දමෙහි හැසිරීමෙන් වැළක්මවූ සිල්පදය මැනවින් ගනිමි.
බොරු කීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
මත්වීමට හා පමාවීමට කරුණුවූ රහමෙර පීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
නියම කාලය නොවන අවස්ථාවෙහි ආහාර ගැනීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දැක්මෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි.
මල්ගඳ විලවුන් දැරීම (ශරීරයෙහි) අඩුතැන් පිරවීම සැරසීම යන මෙයට හේතුවූ කරුණින් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
උස් ආසන මහා ආසනයන්ගෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
රන් රිදී මසුරන් කහවණු (මුදල්) පිළිගැන්මෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි.
දශසිල් පද නිමා විය