සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
2. පෙය්‍යාල වර්ගය
21. අත්තා සූත්‍රය. (3)
[1] (මේ සූත්‍රයද මේ වර්ගයේ 19 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයෙහිදී දේශනා කරන ලද්දකි.)
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ මෙවැනි දෘෂ්ටිය උපදියිද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු නිරෝගි ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු නිරෝගී ආත්මයවෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“සඤ්ඤාව ඇති කල්හි සඤ්ඤාව නිසා සඤ්ඤාවට පැමිණ ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු නිරෝගි ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“සංස්කාරයෝ ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පැමිණ, ‘අරමුණද, ධ්‍යානයද මරණයෙන් මතු නිරෝගී ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පැමිණ ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
[4] “මහණෙනි, කුමක් සිතන්නහුද? “රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු නිරෝගි ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” - “ස්වාමීනි, එසේ නොවේය.”
“මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි.”
“මහණෙනි, කුමක් සිතන්නහුද? වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ වේදනාව අල්වා නොගැනීමෙන් ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු නිරෝගී ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” - “ස්වාමීනි, එසේ නොවේය.”
“මහණෙනි, මෙසේ දුක ඇතිකල්හි දුක නිසා දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි.
“මහණෙනි, කුමක් සිතන්නහුද? සංඥාව නිත්‍යයද, අනිත්‍යයද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ සංඥාව අල්වා නොගැනීමෙන් ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු නිරෝගී ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” - “ස්වාමීනි, එසේ නොවේය.”
“මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි.
“මහණෙනි, කුමක් සිතන්නහුද? සංස්කාරයෝ නිත්‍යද? අනිත්‍යයද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ සංස්කාර අල්වා නොගැනීමෙන් ‘අරමුණද, ධ්‍යානයද මරණින් මතු නිරෝගී ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” - “ස්වාමීනි, එසේ නොවේය.”
‘මහණෙනි මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි.
“මහණෙනි, කුමක් සිතන්නහුද? විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඒ විඤ්ඤාණය අල්වානොගෙන අරමුණද, ධ්‍යානයද මරණයෙන් මතු නිරෝගී ආත්මයවෙයි යන මේ දෘෂ්ටිය උපදියිද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
“මහණෙනි, මෙසේ දුක ඇතිකල්හි දුක නිසා දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි.