සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

6. කිලෙස සංයුත්තය

10. ඛන්ධ සූත්‍රය

[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)

[2] “මහණෙනි, රූපස්කන්ධයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටු වීමයි. වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කණෙහි කිලුටු වීමයි. සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය නාසයෙහි කිලුටු වීමයි. සංස්කාරයන්හි යම් ඡන්දරාගයක් වේද, එය දිවෙහි කිලුටු වීමයි. විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.

කිලෙස සංයුත්තය නිමි.

චක්ඛු සූත්‍රය රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය සඤ්ඤා සූත්‍රය, චේතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය සහ ඛන්ධ සූත්‍රය දැයි සූත්‍ර දසයකි.