සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
6. කිලෙස සංයුත්තය
3. චක්ඛු විඤ්ඤාණය සූත්‍රය
[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සොත විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වේද, එය කණෙහි කිලුටුවීමයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය නාසයේ කිලුටුවීමයි. ජිහ්වා විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය දිවෙහි කිලුටුවීමයි. කාය විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටුවීමයි. මනෝ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.