සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
8. නාග සංයුත්තය
5. උපොසථ සූත්‍රය. (3)
(1 වෙනි ඡෙදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද කය ඇත්තෝ වෙත්ද, මෙයට හේතුව කවරේද? මෙයට ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයන්ට මෙබඳු සිතක් වෙයි.
‘අපි වනාහි පෙර කයින් දෙයාකාර ක්‍රියා ඇත්තෝ වීමු. වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. කයින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ ඒ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණියෝ වෙමු. ඉදින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් වචනයෙන් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් සිතින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් මෙසේ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ග ලොකයෙහි උපදින්නෙමු. එහෙයින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙමු. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙමු. සිතින් සුචරිතයෙහි හැසිරෙමු’ යනුයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද හරන ලද කය ඇත්තෝ වෙත්ද, මහණ, මේ එයට හේතුවයි, මේ ප්‍රත්‍යයයි.”