සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
13. ධ්‍යාන සංයුත්තය
4. සමාධිමූලකකල්ලිතසුත්තං
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධියෙහි ධ්‍යානාංග දැනීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි ධ්‍යානාංග දැනීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි අංග දැනීමෙහිද සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් වෙයි.