සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)

10–12. බාහිරානිච්චඡන්දාදිසුත්තං

අනිත්‍ය සූත්‍රය. (1)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනිත්‍යද? මහණෙනි, රූපයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යය. ධර්‍මයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)

අනිත්‍ය සූත්‍රය. (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනිත්‍යද? මහණෙනි, රූපයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යය. ධර්‍මයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)

අනිත්‍ය සූත්‍රය. (3)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනිත්‍යද? මහණෙනි, රූපයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගයය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යය. ධර්‍මයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)