සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

8. ගිලාන වර්‍ගය

10. ඵග්ගුණ සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂමත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්ත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් ඇත්තේද?

’’ස්වාමීනි, යම් කණක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කණක් ඇත්තේද?

’’ස්වාමීනි, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් ඇත්තේද?

’’ස්වාමීනි, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් ඇත්තේද?

’’ස්වාමීනි, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් ඇත්තේද?

’’ස්වාමීනි, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් ඇත්තේද?’’ කියායි.

’’ඵග්ගුණය, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් නැත්තේය.

’’ඵග්ගුණය, යම් කණක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කණක් නැත්තේය.

’’ඵග්ගුණය, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් නැත්තේය.

’’ඵග්ගුණය, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් නැත්තේය.

’’ඵග්ගුණය, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් නැත්තේය.

’’ඵග්ගුණය, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් නැත්තේය’’ යි වදාළ සේක.

ගිලාන වර්‍ගය නිමි.