සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
3. බල වර්ගය
2. විසාරද සූත්‍රය (1)
(මේ වර්ගයේ සූත්‍ර සියල්ලම පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, ස්ත්‍රියගේ මේ බල පසකි. කවර බල පසක්දයත්? රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය සීලබලය යන පසයි. මහණෙනි, මොවුහු ස්ත්‍රියගේ බල පස වෙත්. මහණෙනි, මේ බල පසින් යුක්තවූ ස්ත්‍රිය නිර්භයව ගෙයි වාසය කරයි”.