සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
4. තීහිධම්මෙහිසුත්තං
(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ ස්ත්‍රිය බොහෝ සෙයින් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදියි. කවර තුනකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රිය පෙරවරු කාලයෙහි මසුරු මළින් යුත් සිතින් ගෙයි වාසයකරයිද මැදි දවල් කාලයෙහි ඊර්ෂ්‍යාවෙන් යුත් සිතින් ගෙයි වාසය කරයිද, සවස් කාලයෙහි කාම රාගයෙන් යුත් සිතින් ගෙයි වාසය කරයිද, මේ අඩ්ග තුනින් යුක්තවූ ස්ත්‍රිය බොහෝ සෙයින් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර, දුර්ගතිවූ විසමව පතිතවන නිරයේ උපදී”.