සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
5. අස්සාස සූත්‍රය
“ඇවැත් ශාරිපුත්‍රය, සැනසීමට පත්වූයේය. සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත් ශාරිපුත්‍රය, කොපමණකින් සැනසීමට පත්වූයේ වේද?”
“ඇවැත්නි යම් තැනක පටන් ස්පර්ශායතන සදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, එපමණකින් ඇවැත්නි, සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?”
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත ප්‍රතිපදාවක් ඇත.”
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට කවර මාර්ගයක් කවර ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, ඒ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අඩ්ග අටක් ඇති ආර්යමාර්ගයම වේ. ඒ කවරේද? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙය සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයයි මේ ප්‍රතිපදාවයි.
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මේ යහපත් මාර්ගයක්ය, මේ යහපත් ප්‍රතිපදාවක්ය, ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.