සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
2. දෙවැනි ගංගාපෙය්‍යාල වර්ගය
1. අමතොගධ සූත්‍ර
“මහණෙනි, යම්සේ ගංගානම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද?
“මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම නිවනට බැසගැනීම ඇති, නිවණ පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, සම්‍යක් සංකල්පය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, සම්‍යක් වචනය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් කර්මාන්තය වඩයි. නිවනට බැස ගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, සම්‍යක් ආජීවය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, සම්‍යක් ව්‍යායාමය වඩයි. නිවනට බැස ගැනීම ඇති නිවන පිහිටකොට ඇති නිවන කෙළවරකොට ඇති, සම්‍යක් සතිය වඩයි නිවනට බැසගැනීම ඇති නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, සම්‍යක් සමාධිය වඩයි.
“මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමී නිවනට හැරී, නිවනට බරව ඇත්තේයයි” වදාළසේක.
(මෙසේ ගංගා පෙය්යාලයේ පටන් ඒසනා වර්ගය දක්වා ඇති සූත්‍ර 34 ද ඕඝ වර්ගයේ ප්‍රථම සූත්‍ර 10 ද මේ අනුසාරයෙන් මෙහිද යොදාගත යුතුයි.)