සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
2. දෙවැනි ගංගාපෙය්‍යාල වර්ගය
1. නිබ්බාණිනින්න සූත්‍ර
“මහණෙනි, යම්සේ ගංගානම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්‍යක් දෘෂ්ටිය වඩයි. නිවනට නැමී නිවනට හැරී නිවණට බරව පවත්නාවූ සම්‍යක් සංකල්පය වඩයි. නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්‍යක් වචනය වඩයි. නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්‍යක් කර්මාන්තය වඩයි. නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්‍යක් ආජීවය වඩයි. නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්‍යක් ව්‍යායාමය වඩයි. නිවනටනැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්‍යක් සතිය වඩයි. නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්‍යක් සමාධිය වඩයි.
“මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක. (1-10)
(මෙසේ ගංගා පෙය්යාලයේ පටන් ඒසනා වර්ගය දක්වා ඇති සූත්‍ර 34 ද ඕඝ වර්ගයේ ප්‍රථම සූත්‍ර 10 ද මේ අනුසාරයෙන් මෙහිද යොදාගත යුතුයි.)