සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

5. අප්පමාද වර්ගය

2. දුතිය අප්පමාද සූත්‍රය

(මෙතැන් සිට මේ වර්ගයේ 1 ඡෙද මේ වර්ගයේ මුල් සූත්‍රයේ 1 ඡෙදය මෙනි)

“මහණෙනි, ගොඩ ඇවිදින සත්වයන්ගේ යම් පාදයෝ වෙත්ද ඒ සියල්ල ඇත්පියවරෙහි ඇතුළත් වෙත්. මහත් කමින් ඒ සියලු පාදයන් අතුරෙන් ඇත්පිය අග්‍රයයි කියයි. මහණෙනි, එසේ වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ.)